
දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවීමත් සමඟ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා දැඩි කිරීමට රුසියාව අද (27) පියවර ගත්තේ ය.
පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීමට ද රුසියානු බලධාරීහු පියවර ගත්හ. ඒ අනුව ජනාකීර්ණ ස්ථානවලදී, පොදු ප්‍රවාහනයේදී, කුලී රථවලදී සහ විදුලි සෝපානවලදී මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය වේ.
පස්වරු 11 සිට පසුදා උදෑසන 6 වනතෙක් පොදු උත්සව හා ඉසව් පැවැත්වීම තහනම් වන අතර එම කාලයේදී ආපනශාලා සහ අවන්හල් ද වසා තැබිය යුතු ය.
රුසියාවෙන් අඟහරුවාදා, එනම් අද (27) පෙරවරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 320කි.
ලොව සිවුවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ රුසියාවෙන් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,547,774කි. රුසියාවෙන් වාර්තා වන සමස්ත වයිරස ආසාදිතයන්ගේ ගණන 26,589කි.
රුසියාව තුළ නව කොරෝනා වයිරසය පැතිර යෑමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ මොස්කව් නුවර වන අතර අවුරුදු 65 වැඩි පිරිස්වලට නිවෙස්වලට වී සිටින්නැයි ද බලධාරීහු මේ මස මුලදී දැනුම් දුන්හ.
වයිරසය පැතිර යෑම ආරම්භ වූ අවස්ථාවේදී රටටම බලපැවැත්වෙන පරිදි අගුළු දැමීමට රුසියානු බලධාරීහු පියවර ගත්හ.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවේ නැවතත් දැඩි සීමා
Lenin Wednesday, 28 October 2020 02:54 PM
මීට මාසයකට පමණ පෙර පුටින් කියා සිටියේ රුසියාව විසින් “පළමු කොවිඩ් එන්නත” සොයාගෙන, පරීක්ෂා කර, සහ එහි පුරවැසියාට බෙදා හැරීම සඳහා ලබා දී ඇති බවයි. පුටින් තම දේශපාලන න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා කතන්දර ගොතාලීමට ට්‍රම්ප්ගෙන් ඉගෙන ගනී.
senaThursday, 29 October 2020 08:29 AM
සම්පුර්ණයෙන් වැරදි කතාවක්, පුටින් ඔය වැඩ ඉගෙනගන්න ඇත්තේ අපේ දේශපාලකයන්ගෙන්.