රුසියාවේ මොස්කව් නගරයේ කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රථිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මොස්කව් නගරයේ වයඹ දිග පිහිටි මෙම රෝහලේ නේවාසික රෝගී කාමරයක ගින්න හටගෙන ඇතැයි බලධාරීහු පවසති.
වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවන භටයන් විසින් ගින්න මැඩපැවැත්වීම හේතුවෙන් හානිය අවම කර ගැනීමට හැකිවී තිබේ.
රෝහලේ සියලුම රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කිරීමට පියවර ගත් බව මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පවසයි.
ගින්නට හේතුව පරීක්ෂා කිරීමට උපදෙස් දුන් බවද ඔහු වැඩිදුරටත් පවසයි.
රුසියාවේ මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 198 676කි.
රටපුරා සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 1 827කි.
රුසියාවේ කොරෝනා වයිරස කාර්ය සාධක බලකාය පවසන්නේ රුසියාව ආසාදිත රෝගීන් සංඛ්‍යාවෙන් ලෝකයේ පස්වන තැනට පත්වී ඇති බවයි.
මෙම සතියේ රුසියාව ආසාදිත රෝගීන් සංඛ්‍යාවෙන් ප්‍රංශය සහ ජර්මනිය ද ඉක්මවා ගියේ ය.
කෙසේ වුවද සමහර රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ සත්‍ය ආසාදිත රෝගීන් සංඛ්‍යාව නිල සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි බවයි.
මොස්කව් හි අගුලු දැමීම මැයි 31 දක්වා දීර්ඝ කර ඇති බව නගරාධිපති සර්ජි සොබියානින් පවසයි.
මැයි 12 වනදා සිට සියලු මොස්කව් වැසියන් පොදු ස්ථාන වලදී මුඛ ආවරණ හා අත්වැසුම් පැළඳය යුතු බවට ද දැනුම් දී ඇත.
කොරෝනා වයිරසය සඳහා එන්නතක් නිපදවන තුරු හෝ වසංගතය අවසන් වන තුරු අගුලු දැමීම ක්රියාක්මක කිරීමට සිදුවනු ඇතැයි රුසියානු රජයේ ප්‍රකාශකයෙකු පවසා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
රුසියාවේ කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක ගින්නක්