IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


රත්නපුර රෝහලේ වාට්ටු 3 ක් වසා 101 ක් නිරෝධායනයේ

(අජිත්ලාල් ශාන්තඋදය )

රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු හෙද සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරුවීමෙන් වාට්ටු තුකක් වසා ඇති අතර පළමු පෙළ ආශ්‍රිත කාර්ය මණ්ඩලය සාමාජිකයන් ඇතුලු 101 දෙනෙක් නිරෝධායනයට ලක්කර ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ රොද්‍රිගු මහතා අද (06) පැවසීය.


මේ හේතුව නිසා කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීමෙන් රත්නපුර මහ රෝහලේ 24, 25 වාට්ටු සහ 6 වාට්ටුවේ කොටසක් වසා දමා ඇති බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා කීවේය.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිසාපති කාර්යාලයේ දී 06දා පැවති මාධ්‍ය හමුවකදී රෝහල් අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසීය.

එක් වෛද්‍යවරයෙක්, හෙද කාර්ය මණ්ලයේ හතර දෙනෙක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නව දෙනෙකුට මෙසේ කෝවිඞ් ආසාදිත බව තහවුරු වීමෙන් පසු ඔවුන් පල්ලෙකැලේ, ඇඹිලිපිටිය සහ කහවත්ත යන ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ගන්නා බව ද පැවසීය.

මෙම පහළොස් දෙනාගේ පළමුපෙළ ආශ්‍රිතයින් 101දෙනෙක් මේවනවිට නිරෝධායනයට ලක්කර ඇති බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.

ඔවුන්ගෙන් 60දෙනෙක් සිය නිවෙස්වලද, 41දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලද නිරෝධායනයට ලක්කර ඇතිබවත් වෛද්‍ය අනෝජ රොද්‍රිගු මහතා සඳහන් කළේය.

 නිරෝධායනයට ලක්කර ඇති පිරිස අතර රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් ද වෙයි.

මේ තත්ත්වය නිසා රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට තම සායනයෙන් නිකුත් කරන වෛද්‍ය නිරීක්‍ෂණ සහ බෙහෙත් නියම කරන පොත රැගෙන ගොස් ආසන්නම පළාත් රෝහලකින් අවශ්‍ය ඖෂධ තාවකාලිකව ලබාගන්නැයි ඉල්ලීමක් ද කළේය.

දැනට විවෘත කර ඇති වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන් බැලීම සඳහා නොපැමිණ සිටිය හැකි නම් එය වෛරසයේ පැතිරයාම වැලැක්වීමට විශාල පිටිවහලක් වනු ඇතැයිද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.



අදහස් (0)

රත්නපුර රෝහලේ වාට්ටු 3 ක් වසා 101 ක් නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31560 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13917 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11076 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 161 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1085 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site