IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


රටවල් 40කින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන ඉහළට

ඉකුත් සතියක කාලයේදී රටවල් 40කට අධික සංඛ්‍යාවකින් දිනක් ඇතුළත හඳුනාගත් වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

එමෙන්ම ඊට පෙර සතියේදී වාර්තා වූ කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මෙන් දෙගුණයක් අද (26) දිනයෙන් අවසන් වූ සතියේදී වාර්තා වී ඇත. ලොව බොහෝ රටවල් නව කොරෝනා වයිරස වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කළ ද පසුගිය සතියේදී ලොව සෑම කලාපයකම වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන අයුරු දක්නට ලැබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව යන රටවලින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන අතර ඕස්ට්‍රේලියාව, ජපානය, හොංකොං, බොලීවියාව, සුඩානය, ඉතියෝපියාව, බල්ගේරියාව, බෙල්ජියම, උස්බෙකිස්තානය සහ ඊශ්‍රායලය යන රටවලින් ද වේගයෙන් ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ.

සීමා ලිහිල් කළ රටවලින් පළමු රැල්ල අවසන් වී මසක් යන්නටත් මත්තෙන් වයිරස ව්‍යාප්තියේ දෙවැනි රැල්ලක් ආරම්භ වී තිබේ.

‘‘අපි ‘පැරැණි සාමාන්‍ය තත්ත්වයට’ යන්නේ නැහැ. මේ වසංගතය දැනටමත් අපේ ජීවිත ගෙවන ආකාරය වෙනස් කරලා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය. ‘කොහෙද යන්නේ ? මොකද කරන්නේ ? කාවද හම්බවෙන්නේ ?’ කියන තීරණ, ජීවිතයත්-මරණයත් අතර තීරණයක් ලෙස සලකා තීරණය කරන්නැයි අපි සියලු දෙනාගෙන්ම ඉල්ලනවා. මොකද ඒ තීරණ සැබැවින්ම ජීවිතය සහ මරණය තීරණය කරනවා’’ යැයි ද හෙතෙම කීය.

පසුගිය මසක කාලයේ දත්ත සලකා බැලීමේදී රටවල් බොහෝමයකින් දිනපතා වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ක්‍රමයෙන් වැඩි වී තිබේ. අවසන් සති තුනක කාලයේදී රටවල් හතකින් ද අවසන් සති දෙකක කාලයේදී රටවල් 13කින් ද අවසන් සතියක කාලයේදී රටවල් 20කින් ද අදින් (26) දිනයේ අවසන් වූ සතියක කාලයේදී රටවල් 37කින් ද දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වාර්තා ගත ලෙස වැඩි වී තිබේ.

එම බොහෝ රටවලින් නව කොරෝනා ආසාදිතයන් මෙන්ම ආසාදිත මරණ නිසි පරිදි වාර්තා නොවී ඇති අතර විශේෂයෙන්ම දුර්වල සෞඛ්‍ය පද්ධති ඇති රටවල එම තත්ත්වය දරුණු යැයි ද සෞඛ්‍ය විශේෂඥයෝ සහ බලධාරීහු පෙන්වාදෙති.

ආසාදිතයන් වැඩි වෙත්ම දිනපතා වාර්තා වන කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ද පසුගිය සතිවලදී වැඩි වී ඇත.

තවමත් වැඩිම ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන මේ වනවිට මිලියන 4 ඉක්මවා ගොස් ඇත. පසුගිය දින හතරක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අඛණ්ඩව දහස ඉක්මවා ආසාදිත මරණ වාර්තා විය. බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද මේ වනවිට මිලියනය ඉක්මවා ඇති අතර එම රටවල් තවමත් වයිරස ව්‍යාප්තියේ උච්ඡතම අවස්ථාවට පැමිණ නැතැයි ද වසංගත විද්‍යාඥයෝ අනතුරු අඟවති. 

රොයිටර්

055



අදහස් (1)

රටවල් 40කින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන ඉහළට

Amal Sunday, 26 July 2020 02:31 PM

ඒ වුනාට ලංකාවේනම් මාර විදියට කොරෝනා ලෙඩ්ඩුන්ට ලෙඩේ හොඳ වෙනවා. මොකද ඡන්දේ ලඟයිනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14163 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site