(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිව් චැටල් වතුයායේ ග්‍රාම සේවා වසම් දෙකකින් කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 49 කු එකවර හමු වීම හේතුවෙන් එම ග්‍රාම සේවා වසම් දෙකට අයත් මිල්ලනිය කොටස හුදෙකලා කිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
අංක 645 බී දෙල් දොර වත්ත හා අංක 652 ඒ බොරලැස්ස ග්‍රාම නිලධාරි වසම් වලට අයත් නිව් චැටල් වතුයායේ මිල්ලනිය කොටස තුළ ඉකුත් දින කීපය තුළ කොරෝනා වෛරස ආසාදිත රෝගීන්ගේ ඉහළ යාමක් සිදු වූ හෙයින් ඉකුත් 14 වෙනි දින මිල්ලනිය කොටසට අයත් නිවාස 50 ක පමණ පදිංචි පුද්ගලයන් 250 කින් අහබු ලෙස තෝරා ගත් පුද්ගලයන් 123 කු උදෙසා සිදුකළ පි සි ආර් පරීක්ෂණයෙන් පුද්ගලයන් 49 කු ට වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වු බව වෛද්‍ය අධ්‍යක්ෂකවරයා කීය
එම වතුයායේ රබර් කිරි කැපීම සඳහා පිටස්තර පුද්ගලයන් පැමිණෙන බැවින් ,වතුයායෙ බහුතරයක පිරිසක් අවම වශයෙන් මුඛ ආවරණයක් නො පැලඳ සැරි සැරීම මෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් නිසි අයුරින් නොපැලදීම මෙන්ම ආසාදිත බවට අනාවරණය වී තිබූ පුද්ගලයන් ද විවිධ ප්‍රදේශ වලට සංචරණය කිරීම හේතුකොටගෙන රෝග පැතිරයාම වැළැක්වීම සඳහා හා ජන ජීවිතය සාමාන්‍ය ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමියගේ නිර්දේශය කළුතර මහ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා වෙත දැනුම් දීමට පියවර ගත් බව ත් දිසාපතිවරයා මේ වන විටත් එම තීරණය අදාළ අංශ වෙත ලිඛිතව යොමුකර ඇති බවත් වෛද්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය
ආසාදිත බවට අනාවරණ වූ පුද්ගලයන්ගේ නියැදි සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ අංශ වෙත යොමු කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇතැයි වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 18
619
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
300
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිලලනිය වසම් දෙකකින් ආසාදිතයන් 49ක්