(චමිල් රුපසිංහ)
මහනුවර ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින් මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ මත්ස්‍ය අළෙවි පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ.
පෑලියගොඩ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ මත්ස්‍ය අළෙවිය සදහා මසුන් රැගෙන එන බැවින් කොවිඩ්-19 වයිරස ව්‍යාප්තියක් සිදුවීමට පවතින ඉඩකඩ සැලකිල්ලට ගෙන මධ්‍යම වෙළඳ පොළෙහි මත්ස්‍ය අළෙවි පරිශ්‍රයට මසුන් තොග රැගෙන ඒම තාවකාලිකව අත්හිටවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසිය.
මහනුවර මත්ස්‍ය වෙළෙඳ පොළ ආශ්‍රිතව අද (26) සිට පී. සී. ආර් පරීක්ෂණ ආරම්භ කරන බවත් මෙම පරීක්ෂණ ප්‍රතිඵල අනුව මත්ස්‍ය අළෙවි පරිශ්‍රය වවසා දැමීම හෝ විවෘත කිරීම තීරණය ඉදිරියේදි කරන බවත් නාගරික කොමසාරිස්වරයා සදහන් කළේය.
මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ හා නගරයේ අනෙකුත් සියලුම වෙළෙඳ සැල් සෞඛ්‍යය ආරක්ෂිත නීති රීති වලට අනුව ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් මෙම උපදෙස් නොතකන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසිය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මහනුවර මධ්‍යම වෙළෙඳපොලෙහි මත්ස්‍ය අලෙවිසැල් වසා දමයි
Jaya Monday, 26 October 2020 06:25 PM
ඉතා හොඳයි