IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මහනුවර පළමු කොරෝනා මරණය වාර්තාවෙයි

(චමිල් රූපසිංහ)
 
කොළොන්නාවේ සිට ගලහ දක්වා පෞද්ගලික වාහනයකින් පැමිණ සිට අතරදි අසනීප තත්වයක් මත පේරාදෙණිය රෝහලට ඇතුළත් කරන විටදීම මියගොස් සිටි පුද්ගලයාට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණ මගින් අද (30) තහවුරු වූ බව පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.
 
රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටීම හේතුවෙන් වෛද්‍යවරු පී.සී.ආර් පරීක්ෂණයකට මළ සිරුර යොමුකර ඇති අතර එම වාර්තාවට අනුව එම පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී තිබෙන බව ද අධ්‍යක්ෂවරයා පැවසීය.
 
මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ කොළොන්නාවේ පදිංචි දියණියගේ නිවසට සැප්තැම්බර් මස 26 වැනිදා ගොස් තිබෙන අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඔවුන් 27 වැනිදා පෞද්ගලික වාහනයකින් යළි නිවස බලා එමින් සිටියදී ඔහුට අසනීප වී පේරාදෙණිය රෝහලට රැගෙන විත් තිබෙන බව පොලිසිය පවසයි.
 
මරණයට පත්වූ 73 හැවිරිදි පුද්ගලයා ගලහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන බවත්, මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණය වන බවත්, මියගිය පුද්ගලයාගේ බිරිඳ ඇතුළු ළඟම ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකළ බවත් සෞඛ්‍ය අංශ පවසයි.
 



අදහස් (3)

මහනුවර පළමු කොරෝනා මරණය වාර්තාවෙයි

amara Monday, 30 November 2020 10:01 AM

සර් කොළඹ ඇරියා...

:       0       4

නයන් Tuesday, 01 December 2020 01:46 AM

රටම ඉවරයි.

:       0       0

ravi Wednesday, 02 December 2020 02:11 AM

ජනාධිපති උතුමානන්ගේ දැන ගැනීම පිණිසයි. වර්තමානයේ ක්‍රියාත්මක කරන අන්දමට ලංකාවේ කොවිඩ් තුරන් කිරීම කල නොහැකි කටයුත්තකි. තැනින් තැන වසා, ඒ මිනිසුන්ට රුපියල් 5000 , 10000 බඩුමලු දීලා පලක් නැත. නිවැරදි දත්ත ලබාගෙන එදිනෙදා අදායම් ලබන්නන්ට සතියකට රුපියල් 5000ක් ලබාදී. සති 3ක් අවම ලංකාවම වසා දමන්න. (එළවලු හා අත්‍යවශ්‍ය පාරිබෝගික ද්‍රව්‍ය බෙදාහැරිම නිවැරදි යාන්ත්‍රණයක් කරන්න ) ඒ අතර PCR අන්ටිජෙන්ට් උපරිමය කරන්න . හැබැයි යාළුවන්ට කියලා පිටරටින් එන අයට වෙනමම සලකන්න යන්න එපා. පිටරටින් එන අයත් නිවැරදිව පාලනය කරන්න . රට කොවිඩ් වලින් බේරා ගත හැක.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31608 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13991 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1100 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site