
ඔස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් දෛනිකව ආසාදිතයන් සියය ඉක්මවා වාර්තා වීමත් සමඟ මෙල්බර්න් නුවර වැසියන්ට මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කර ඇත.
නව සෞඛ්‍යාරක්ෂිත නීතිරීති සමඟ මෙල්බර්න් නුවර වැසියන් නිවසින් පිටතට යෑමේදී අනිවාර්යෙන් මුඛ ආවරණ පැළැඳිය යුතු අතර එසේ නොකරන පුද්ගලයන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 200 (ඇමෙරිකානු ඩොලර් 140) දඩයක් නියම වේ.
වික්ටෝරියා ප්‍රාන්තය ජූලි 9 වැනිදා සිට අර්ධ ‘ලොක්ඩවුන්’ සීමා පනවා ඇති අතර ඉරිදා දිනයේදී පමණක් එම ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 363කි. ඊට පෙර දිනයේදී එම වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 217ක් විය.
ඔස්ට්‍රේලියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 11,800ක් වන අතර එය ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවලින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණනටත් අඩුය. කෙසේ නමුත් වික්ටෝරියා ප්‍රාන්තය තුළ වයිරසය පැතිර යෑමට පටන් ගෙන ඇති ප්‍රජාව තුළ වයිරසය පැතිර යෑමට පටන් ගෙන තිබේ. මේ තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත බලධාරීන් නැවත වරක් දැඩි සීමා පනවා ඇත.
රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
727
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2390
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙල්බර්න් වැසියන්ට මුඛ ආවරණ අනිවාර්යයි