කොවිඩ් - 19 වයිරසය මුදල් නෝට්ටු, දුරකථන මුහුණත් සහ මළ නොබැඳෙන වානේ වැනි පෘෂ්ඨ මත සජීවීව දින 28ක පමණ කාලයක් පැවතිය හැකි බව නවතම සොයාගැනීම් වලින් තහවුරු වී ඇතැයි පර්යේෂකයෝ පවසති.
ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ විද්‍යාඥයින් පිරිසක් විසින් මේ සම්බන්ධ පර්යේෂණ සිදුකර ඇති අතර ඔවුන් පවසන්නේ කලින් සිතා සිටියාට වඩා දිගු කාලයක් එවැනි පෘෂ්ඨ මත වයිරසයට පැවතිය හැකි බවයි.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ වයිරසය අතිශයින් ශක්තිමත් බවයි. රෙදි වැනි සිදුරු සහිත පෘෂ්ඨයන්ට වඩා සිදුරු රහිත සුමට පෘෂ්ඨ වල වයිරසය වැඩි කාලයක් රඳා පවතින බවද පර්යේෂණ වලින් තහවුරු වී තිබේ. විද්‍යාඥයින් පවසන්නේ සිසිල් උෂ්ණත්වයන්ට වඩා අඩු කාලයක් උණුසුම් උෂ්ණත්ව සහිත පරිසරවල වයිරසය ජීවත්වන බවයි.
කෙසේවුවද බ්‍රිතාන්‍යයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය රොන් ඒක්ලස් මෙම මතය විවේචනය කර තිබේ. ඔහු පවසන්නේ වයිරසය දින 28ක් පැවතිය හැකි බවට සිදුකරන ලද පැහැදිලි කිරීම මහජනයා තුළ අනවශ්‍ය බියක් ඇති කරන බවයි. මහාචාර්ය රොන් වැඩිදුරටත් පවසන්නේ වයිරසය පෘෂ්ඨයන් මත හෝ ශ්ලේෂ්මල වල පවතින්නේ දින ගණනක් නොව පැය ගණනක් බවයි.
ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ විද්‍යාඥයින් සිදුකරන ලද අත්හදාබැලීම් විද්‍යාගාරයක් තුළ, කාමර උෂ්ණත්වයේ සහ අඳුරේ සිදුකර ඇති බැවින් ස්වාභාවික පරිසරයේ වැඩි උෂ්ණත්වයක් යටතේ වයිරසයට දිගුකලක් පැවතිය නොහැකි බව ද තවත් විද්‍යාඥයින් පිරිසක් පෙන්වා දෙති.
(බීබීසී ඇසුරිණි - 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුදල් නෝට්ටු- දුරකථන මුහුණත්වල දින 28 ක් කොරෝනා
Demuni Uduwara Monday, 12 October 2020 04:58 PM
ඉතා වටිනා නිවේදනයක්..