(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය පානදුර දක්වා පමණක් සීමා කිරීම හේතුවෙන් අද (02) මාතර අධිවේගී බස් රථ නැවතුම් අංගනයේ දී මගීන් හා ප්‍රවාහන සේවකයින් අතර උණුසුම් තත්වයක් ඇති විය.
විශේෂයෙන්ම මාතර සිට මාකුඹුර දක්වා මගීන් ප්‍රවාහනය කිරීම සදහා ඔවුන් බස් රථ වලට නංවා ගෙන තිබු අතර ප්‍රවාහන බලධාරීන්ගේ දැනුම්දීම මත එම ගමන් වාර අවලංගු කර බස් රථ පානදුරට දක්වා පමණක් යාමට සීමා කිරීම ඊට හේතු විය.
මේ නිසා මගීන්ට බස් රථ කිහිපයකට ගොඩ වී නැවත ඒවායින් බැසීමට සිදුවිය විය.
පසුගිය දිනවල දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ කොට්ටාව දක්වා යාමට අවසර ලබා දී තිබු අතර හිටිහැටියේ එම තීරණය වෙනස් කිරීම ඊට හේතු වු බව බස් රථ සේවකයින් පැවසීය.
තවද එම තීරණය නොසලකා බස් රථ කිහිපයක් මාකුඹුර දක්වා ධාවනය කර ඇතැයි ද ඔවුන් චෝදනා කලේය.
මේ නිසා අධිවේගී බස් රථ සේවකයින් පැය කිහිපයක් බස් රථ ධාවනයෙන් ඉවත් වී සිටියේය.
පසුව මාතර පොලීසියේ නිලධාරී කණ්ඩායම් කිහිපයක් ද එම ස්ථානය වෙත කැඳවනු ලැබීය.
එහිදී මාතර පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක ඒ. අනිල් මහතා කියා සිටියේ පානදුර දක්වා ධාවනය නොවී මාකුඹුර දක්වා ධාවනය කිරීමට උත්සාහ කරන බස් රථ වලට එරෙහිව නීරෝධායන නීතිරීතී යටතේ නඩු පවරන බවයි.
තවද පානදුර දක්වා ගමන් පහසුව සලසා ගන්නා ලෙසත් එතැන් සිට කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකට යාමට බස් රථ පහසුකම් සලසා ඇති බවත් ඒ මහතා මගීන්ට ද දැනුම් දුන්නේය.
ඒ අනුව අධිවේගී මාර්ගය ඔස්සේ පානදුර දක්වා යාමට බස් රථ කිහිපයක් මාතර සිට පිටත්ව ගියේය.
මේ පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂක වත්තගේ රෝහණ මහතාගෙන් විමසූ විට කියා සිටියේ තම කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුම් දී ඇත්තේ බස් රථ ධාවනය පානදුර දක්වා පමණක් සිදු කරන ලෙස බවත් ඉන් පරිබාහිරව කිසිවක් කල නොහැකි බවත්ය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මාතර අධිවේගී බස් අංගනයයෙත් උණුසුම් තත්වයක්
Kamal Koyrala Tuesday, 02 June 2020 12:49 PM
විරු රටේ වියතුන් ගනුලබන විද්වත් තීරණවලින් වියත් ජනතාව මහා පාරේ...