(ඉන්දිකා රාමනායක)
මුහුණු ආවරණ නොපැළදී පුද්ගලයන් සම්බන්ධයෙන් මේ දක්වා සිදු කළ පී. සී. ආර් සහ රුපිඞ් ඇන්ටිජන් පරික්ෂාවෙන් කොවිඞ් ආසාදිතයන් 46 දෙනෙක් අද (12) දිනය වනවිට හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඉකුත් 5 වැනි දින සිට මේ දක්වා සිදුකළ පුද්ගලයන් 2334 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවේ දී මෙම පිරිස ආසාදිතයන් වශයෙන් තහවුරු කරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා කියා සිටියේය.
මෙම කාලය තුළ පුද්ගලයන් 1313 දෙනෙකු රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඔවුන් අතරින් 13 දෙනෙකු කොවිඞ් ආසාදිතයන් වශයෙන් හදුනාගෙන ඇති අතර තවත් 1021 දෙනෙකු පී. සී. ආර්. පරීක්ෂණයට ලක්කර ඇති අතර ඔවුන් අතරින් 27 දෙනෙකු ආසාදිතයන් වශයෙන් හදුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මුහුණු ආවරණ නොපළදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුඛ ආවරණ නොපැළදී 46 ක ට කොරෝනා