කොරෝනා රෝගයෙන් මෙක්සිකෝවේ මියගිය සංඛ්‍යාව 10 000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
එරට සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති වාර්තා වලට අනුව මේ වනවිට මෙක්සිකෝවේ සමස්ථ මරණ සංඛ්‍යාව 10 167කි.
පසුගිය පැය 24 තුළ පමණක් මරණ 237ක් වාර්තා වී ඇත.
මෙක්සිකෝවේ මේ වනවිට වාර්තා වන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 93 435 කි.
පසුගිය පැය 24 තුළ රෝගීන් 2 771ක් තහවුරු විය.
රට තුළ සිදුකරන පරීක්ෂණ අඩු මට්ටමක පවතින හෙයින් මෙක්සිකෝවේ සත්‍ය ආසාදිතයන් සංඛ්‍යාව මෙම ගනනය කිරීම් වලට වඩා ඉහල අගයක් වියයුතු බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර තිබේ.
කෙසේවුවද රතු කළාප ලෙස සලකුණු කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ වල සමාජ දුරස්ථ පියවර ඉවත් කරන බව මෙක්සිකෝ රජය නිවේදනය කර ඇත.
ආර්ථික හානිය අවම කිරීම සඳහා නැවත සේවා ආරම්භ කළ යුතු බව රජයේ මතය වී තිබේ.
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව ලොව හත්වැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කරන්නේ මෙක්සිකෝවයි.
ආසාදන ද ඉහල යමින් පවතින හෙයින් මෙක්සිකෝ ජනපති මැනුවෙල් ලෝපේස් ඔබ්‍රඩෝර්ගේ මෙම ක්‍රියා කළාපය දැඩි ලෙස විවේචනයට ලක්ව තිබේ.
මෙම සතියේ ජනාධිපතිවරයා රට පුරා සංචාරය කිරීම ආරම්භ කළේය.
සංචාරක හිඟය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති කැන්කන් නගරයට ද ඔහු ගියේය.
සීමාවන් ලිහිල් කිරීමෙන් වයිරස රෝගීන් වැඩිවන්නේ නම් නැවත වසා දැමීමකට ද සූදානම් බව ජනපතිවරයා එහිදී පවසා සිටියේ ය
කැන්කන්, ටූලම් ඇතුළු තවත් බෝහෝ සංචාරක ආකර්ශණීය ස්ථාන පිහිටා ඇති ක්වින්ටා රූ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසන්නේ සංචාරකයින් සඳහා ප්‍රාන්තය නැවත විවෘත වන බවයි.
එසේ වුවද වයිරසය දැඩි ලෙස ව්‍යාප්ත වූ මෙක්සිකෝ නගරයේ සමාජ දුරස්ථ රීතීන් ඉවත් කරන්නේ කවදාද යන්න පවසා නොමැත.
හැකි සෑම විටම නිවෙස් වල රැඳී සිටින ලෙස එහි නගරාධිපති ක්ලෝඩියා ෂයින් බෝම් නිවැසියන්ගෙන් ඉල්ලා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මෙක්සිකෝවේ මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවයි