IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බස්නාහිරින් පැමිණ වතුකරයේ නිවාසවල සැඟව සිටි පිරිසක් නිරෝධායනයට

(රංජිත් රාජපක්ෂ) 

බස්නාහිර පලාත තුල සේවය කර වතුකරයේ තම නිවාස වලට පැමිණ සිටි පස් දෙනෙකු සහ ඔහුන්ගේ පවුලේ සමාජිකයන් (31) දින ස්වයං නිරෝධානයට යොමු කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්. මැදවෙල මහතා පැවසිය.

වැල්ලවත්ත ,මට්ටකුලිය යන ප්‍රදේශවල රැකියා වල නිතරව සිට (30) දින මෙම පිරිස හැටන් දික්ඔය, නොර්වුඩ් සහ හැටන් කොටගල යන ප්‍රදේශවලට පැමිණ ඒ පිලිබදව හැටන් පොලිසියේ නිලධාරින්ට හෝ නගර සභාවේ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දිමකින් තොරව සැගවි සිටියදි ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරක් මත මෙම පිරිස සොයාගැනිමට හැකි වු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේය.

තම බලප්‍රදේශයෙන් පිටත වතුකරයට පැමිණ සැගවි සිටින පිරිස සම්බන්ධයෙන් ඔහුන් පදිංචිව සිටින බලප්‍රදේශයේ පොලිසියට දැනුම් දිමට කටයුතු කරන බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.



අදහස් (1)

බස්නාහිරින් පැමිණ වතුකරයේ නිවාසවල සැඟව සිටි පිරිසක් නිරෝධායනයට

wije Saturday, 31 October 2020 04:42 PM

වතුකරයේ ඉන්න අහිංසකයෝ විතරක් අල්ලගෙන බොරුවට වීරයෝ වෙන්න හදන්න එපා. කොට්ටාව පිවිසුමෙ කිමී 1ක විතර පෝලිමක් තියන කොට බලධාරින් නිදාගෙනද හිටියේ? දන්නේ නැද්ද මෙ කට්ටිය පිටවෙලා යනවා කියලා... අනෙක ගාල්ලෙන් හරි මාතරින් හරිඑළියට යනකොට ටිකට් එකේ සටහන් වෙනවා නේද ආවෙ කොහේ ඉදලද කියලා...? ඇයි එතකොට අල්ලගත්තෙ නැත්තේ? අධිවෙගේ යනකොට අයකරගත යුතු ලොකු මුදලත් සාක්කුවට දාගත්තට පස්සෙද ආණ්ඩුවට මෙ දේවල් මතක්වුණේ? පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමයි, හමුදාපතිතුමයි හැමදාම උදේට එකම දේ කියනවා විතරයි නේද? ගියපාර ගත්තු මහන්සිය, උත්සාහය, කැපවීම මෙ පාර කාගෙවත්ම තිබුණෙ නැහැ කියන එක රහසක් නොවෙ. ආණ්ඩුවට මෙවා ගැන හොයන්න වෙලාවක් තිබුණේ නැහැ. 20 වැනි සංශෝධනය පස්සේ දිව්වා. ඒකෙන් වුණේ මුලු රටම විනාශයකට ගිය එකයි.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14066 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site