IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බාලි දූපත මේ වසරටම වසා දමයි

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ බාලි දූපත මෙම වසරේදී නැවත සංචාරකයින් සඳහා විවෘත නොවනු ඇතැයි එරට බලධාරීහු පවසති.

සංචාරකයින් අතර ප්‍රසිද්ධියක් උසුලන බාලි දූපත විදේශීය සංචාරකයින් සඳහා විවෘත කෙරෙන බව මීට පෙර ඉනිදුනීසියානු බලධාරීන් පවසා තිබිණි. නමුත් ඉන්දුනීසියාවේ කොරෝනා රෝගීන් වැඩිවීම හේතුවෙන් එම සැලැස්ම අවලංගු කිරීමට සිදුවී ඇත.

බාලි දූපතෙන් පමණක් මේවනවිට කොරෝනා ආසාදිතයින් 4,576 දෙනකු වාර්තා වී ඇති අතර මරණ 52ක් සිදුවී තිබේ.ගිනිකොනදිග ආසියාවේ වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වන අතර එය 6,757කි.

ඉන්දුනීසියාවෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් 155,000කට අධික පිරිසක් වාර්තා වී තිබේ. සත්‍ය ආසාදිතයන් සංඛ්‍යාව මෙම සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩිවිය යුතු බවත් ඉන්දුනීසියාවේ පරීක්ෂණ අඩුවෙන් සිදුකිරීම හේතුවෙන් ආසාදිතයින් අඩුවෙන් වාර්තා වන බවත් විශේෂඥයෝ පවසති.

බාලි දූපත සංචාරකයින්ට නැවත විවෘත කිරීම කිරීම සඳහා ප්‍රවේශමෙන් සූදානම් වීම අවශ්‍ය වනු ඇතැයි දිවයිනේ ආණ්ඩුකාර වයන් කොස්ටර් මහතා පවසයි.

සෑම වසරකම ලොවපුරා සංචාරකයින් මිලියන ගණනක් බාලි දූපත වෙත පියාසර කරති.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

බාලි දූපත මේ වසරටම වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31681 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14147 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 192 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1122 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site