බොලිවියාවේ අමාත්‍යරුන් 07 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ආමාත්‍යවරුන් හත්දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව එරට අන්තර්වාර ජනාධිපතිනිය ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කියා සිටියාය.
ඇයද එම වයිරස ආසාදනය වී සිටින්නීය.
තවද එරට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුට සහ බොලිවියානු හමුදා ප්‍රධානීයට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇති බව ජනාධිපතිනිය කියා සිටින්නීය.
දිගු කාලයක් පුරා එරට ජනාධිපති ධූරයේ සිටි එවෝ මොරලාස් එහි ධූරයෙන් නෙරපීමත් සමග පත්වුණ අන්තර්වාර රජයේ ජනාධිපතිනිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ආසාදිතයින් වීම සමස්ත රජයේ නොහැකියාව බව එවමොරාලෙස් ගේ ආධාරකරුවෝ චෝදනා කර සිටිති.
මේ වන විට බොලිවියාවේ පුද්ගලයින් 50,867 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර පුද්ගල මරණ 1898 සිදුව තිබේ.
( ගාඩියන් ඇසුරෙනි )
(125)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බොලීවියාවේ අමාත්‍යවරු 7 කට කොරෝනා
kamal Monday, 20 July 2020 07:06 AM
අපේ අවාසනාවට අපිට එහෙම වාසනාවන්ත ආරංචි අහන්න හම්බෙන්නේ නැහැ නේ අපේ රට ගැන.