IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


බණ්ඩාරගම ප්‍රා. ලේ. කාර්යාලයේ අංශ කීපයක් තාවකාලිකව වහයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

                 

බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරිනිය කගේ සමීපතමයෙකු ට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ග්‍රාම නිළධාරිනිය සැරිසැරූ බව කියන  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  අංශ කීපයක්  තාවකාලිකව වසා දැමීමට අද (16) පියවර ගත් බව ප්‍රාදේශීය ලේකම්  බුද්ධිකා රුවනි සමරතුංග මහත්මිය පැවැසුවාය 

                               

ඒ අනුව සමාජ සේවා අංශය, මෙහෙයුම් මැදිරිය, හැඳුනුම්පත් අංශය ,මෙන්ම  පරිපාලන ග්‍රාම නිලධාරී කාර්යාලය ද තාවකාලිකව වසා දැමිණි

                     

ග්‍රාම නිලධාරිනියගේ  නැන්දණිය  ඉකුත් දින කීපය තුළ ඇයගේ නිවසේ ගත කර ඇති අතර හදිසියේ අසනීපව   ඇය රෝහල් ගත කිරීමෙන් අනතුරුව සිදුකළ පි සි ආර් පරීක්ෂණයේදී  ඇයට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට පෙරේදා 14 අනාවරණය වී තිබූ බව  ප්‍රාදේශීය ලේකම්වරිය කීය .

                               

එම ග්‍රාම  නිලධාරිනිය ඉකුත් 13 වැනිදා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත පැමිණ ඉහත අංශ වෙත  ගොස් තිබූ බවටත් අනාවරණය වීමෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව  ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවාය .

                     

තාවකාලිකව වසා තිබෙන  එම අංශ සියල්ලම අද විෂබීජ හරණයට ලක් කළ බවත් හෙට දින සිට  වෙනත් නිලධාරීන් යොදවා  සුපුරුදු මහජන සේවාවන් පවත්වාගෙන යාමට  පියවර ගන්නා බව ප්‍රාදේශීය  ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය 

                       

එම ග්‍රාම  නිලධාරිනිය ද ඉකුත් දින කීපය තුළ රෝගී තත්ත්වයකින් පෙළුන බවට ප්‍රාදේශීය  ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි  .

                       

මේ හේතුවෙන් ඇය  පි සි  ආර් පරීක්ෂණයට භාජනය   කරන තෙක්  ඇය ආ ගිය බව කියන තාවකාලිකව වසා දැමුණු  එම අංශවල  සේවය කරන නිලධාරීන් හා නිලධාරිනියන් ට නිවෙස්වල ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස   දැනුම් දී ඇත .ඒ අතර ග්‍රාම නිළධාරිනියන් කීපදෙනෙක් ද වන බව වැඩිදුර  ආරංචි මාර්ග සඳහන් කරයි 



අදහස් (0)

බණ්ඩාරගම ප්‍රා. ලේ. කාර්යාලයේ අංශ කීපයක් තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31590 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13955 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site