IMG-LOGO

පාර්ලිමේන්තු පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුටත් කොරෝනා

(බන්දු තඹවිට)

                                 
පාර් ලිමේන්තු පොලිසියේ උප පොලිස් පරීක්ෂකයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.

මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර් යාලය කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයක ප්‍රතිඵල අනුව මෙම පොලිස් නිලධාරියාට කොරෝනා  වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

වැලිපැන්න ලෙව්වන්දුව උඩුමුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම උප පොලිස්පරීක්ෂකවරයා නිවාඩු ලබා නිවසට පැමිනීමට පෙර ඔරුගොඩවත්ත මාළු වෙළඳපොලට ගොස් ඇත.

එම මාළු වෙළඳපොළට ගිය පිරිසට පී.සී.ආර්.පරීක්ෂණ කරගන්නා ලෙස මාධ්‍ය මගින් දැනුම්දීමෙන් පසුව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර් යාලය කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයකට සහභාගී වී තිබේ.

උප පොලිස්‍ පරීක්ෂකවරයා  කොරෝනා  වයිරසය ආසාදනය වී ඇති බව හෙළිවීමත් සමග මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී.ලයනල් මහතා විසින් පාර් ලිමේන්තු පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාට දැනුම්දී ඇත.

එම උප පොලිස් පරීක්ෂකවරයා සමග පෑලියගොඩ මාළු වෙළඳපොළට ගිය ජීප් රථයේ රියදුරා සහ තවත් පොලිස් නිලධාරියකු නිරෝධායනය කිරීමට කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ.

මීට අමතරව ඔහුගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස ස්වයං නිරෝධායනය කිරීමටද කටයුතු කළ බව ඔහු පැවසීය.
 
 



අදහස් (7)

පාර්ලිමේන්තු පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුටත් කොරෝනා

Bamunagearachchi Sunday, 25 October 2020 05:35 AM

වැඩ බැරි සෑර්ට බෝවුනේ නැත්නම් එච්චරයි.

:       0       13

De Sunday, 25 October 2020 05:59 AM

ඇයි දෙයියෝ නිවාඩු ගියේ..? රට, ජාතිය වෙනුවෙන් සේවය නොකර....

:       0       17

Nuwan Sunday, 25 October 2020 07:08 AM

බෞද්ධ ඡන්දෙන් ඇවිත් බෞද්ධ ජනතාවට කොකා පෙන්නපු විරුවා මොනවාහරි කරාවි...

:       1       16

abc Sunday, 25 October 2020 07:12 AM

ළගයි...ළගයි... ඔහොම තමයි වෙන්න ඔනෑ..

:       0       17

Prasad Sunday, 25 October 2020 07:37 AM

රටෙ ජනතාවගේ ඒකායන බලාපොරොත්තුව ඉෂ්ඨ වුණොත් ඔබ ජාතික වීරයෙක් වෙවි.

:       0       12

rana Sunday, 25 October 2020 08:41 AM

225 ට නැද්ද ? අපරාදෙ !

:       0       1

විජිත් Sunday, 25 October 2020 09:12 AM

අපි කොයිතරම් ප්‍රර්ථනා කලත් ඔය දියවන්නාවේ ඉන්න මේ රටේ පාලකයින් කියලා හිතාගෙන ඉන්න අයට කොරෝනා හැදෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site