නව කොරොනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන සෙනසුරාදා දිනයේදී වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
සෙනසුරාදා දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ලොව නන්දෙසින් වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන 259,848කි.
එදින වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇති රටවල් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් ය. මීට පෙර දිනක් ඇතුළත වාර්තාගත අයුරින් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ සිකුරාදා ය. එදින වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 237,743කි.
සෙනසුරාදා දිනයේදී ලොවපුරා රටවලින් වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 7,360ක් වන අතර මැයි 10 වැනිදායින් පසු වාර්තා වූ වැඩිම මරණ ගණන ද එය වේ.
ඉකුත් ජූනි මාසයේදී දිනකට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණනේ සාමාන්‍ය 4,600ක් වූ අතර ජූලි මාසයේදී එම සාමාන්‍ය අගය 4,800ක් දක්වා ඉහළ ගොස් ඇත.
ලොවපුරා කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට මිලියන 14 ඉක්මවා ගොස් තිබේ. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය මාස හතක කාලයේදී ජීවිත අහිමි වී ඇති ගණන 600,000 ඉක්මවයි.
සෙනසුරාදා දිනයේදී වාර්තා වූ ආසාදිතයන්ගේ ගණනත් සමඟ පැය 100ක් ඇතුළත ආසාදිතයන් මිලියනයක් වාර්තා වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෙනසුරාදා දිනයේදී ඇමෙරිකාවෙන් ආසාදිතයන් 71,484ක්, බ්‍රසීලයෙන් 45,403ක්, ඉන්දියාවෙන් 34,884ක් සහ දකුණු අප්‍රිකාවෙන් ආසාදිතයන් 13,373ක් වාර්තා වී ඇත.
අසල්වැසි ඉන්දියාව සිකුරාදා දිනයේදී වයිරස ආසාදිතයන් මිලියනයක් වාර්තා වන තෙවැනි රට බවට ද පත්විය. ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එහි දෙවැනි තැන පසුවන්නේ බ්‍රසීලයයි. ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් වාර්තා වීමේ උච්ඡතම අවස්ථාව එළැඹීමට තවත් මාස ගණනක් ඇතැයි ද වසංගත රෝග විද්‍යාඥයෝ පෙන්වාදෙති.
බ්‍රසීලයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය බදාදා මිලියන 2 ඉක්මවා ගියේය. මසකටත් අඩු කාලයක් ඇතුළත බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන දෙගුණ විය. පසුගිය මාස දෙකකට ආසන්න කාලයේදී බ්‍රසීලයෙන් දිනපතා වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණනේ සාමාන්‍ය 40,000ක් විය. බ්‍රසීලයේ ප්‍රාන්ත හා නගර බලධාරීන් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවීය. ඊට ප්‍රධානම හේතුව ෆෙඩරල් රජය සහ ගන්නා ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති අතර සම්බන්ධීකරණයක් නොමැති වීමය.
ලොව වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන මිලියන 3.7 ඉක්මවා ගොස් ඇත. එරට ද ජනපද සහ ඊට පහළින් සිටින බලධාරීන් වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට උත්සාහ ගත්ත ද එහි සාර්ථකත්වය ඇත්තේ පහළ මට්ටමකය.
රොයිටර්
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පැය 24 දී ලෝකයේ ආසාදිතයන් 259,848ක්