ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (29) හත්දහස ඉක්මවූ අතර එම ගණන 7,466ක් ලෙස දැක්විණි.
අඛණ්ඩව දින 10ක් ඉන්දියාවෙන් දෛනික වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන හයදහස ඉක්මවූ අතර එරටින් අද පස්වරු 5.30 වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,65,799ක් දක්වා ඉහළ ගියේය. ඉන්දියාවෙන් මැයි මස (21) වැනිදා සිට දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 6,000 ඉක්මවීය.
ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 175ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් අද (29) පස්වරු 5.30 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 4,706ක් ලෙස දැක්විණි.
ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන ද ඉක්මවා ගොස් ඇත.ෙ
ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිට වී ගිය සංඛ්‍යාව 71,106ක් විය. කොරෝනා වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 89,987කි.
කොරෝනා ආසාදිතයන්ගේ පනස් දහස ඉක්මවූ පළමු ප්‍රාන්තය බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පත්ව ඇති අතර එම ප්‍රාන්තයෙන් අද (29) පස්වරු 5.30 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 59,546ක් විය.
ඉන්දියාවේ මූල්‍ය අගනගරය හෙවත් මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවර පිහිටා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය.
එන්.ඩී.ටීවී.
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පැය 24 ක් ඇතුළත ඉන්දියාව කෝරෝනා අසාදිත සංඛ්‍යාව 7000 ඉක්මවයි