IMG-LOGO

පැය 24කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1255ක්

( තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (8) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 1255 දෙනෙකු හමුව ඇති අතර මින් 180 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම ගම්පහ කොට්ඨාසයෙන් - 131 ක්, බියගම - 126 ක්, කටාන - 124 ක්, මහර - 116 ක්, දිවුලපිටිය - 114 ක්, මීරිගම - 91 ක්, ජාඇල - 89 ක්, දොම්පෙ - 71 ක්, අත්තනගල්ල - 60 ක්, වත්තල - 38 ක්, රාගම - 37 ක්, කැලණිය - 33 ක්, මීගමුව - 27 ක් සහ සීදූව කොට්ඨාසයෙන් - 18 වශයෙන් සිදුව ඇත.

අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල රෝගීන් 281 දෙනෙකු දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර සැක සහිත ආසාදිතයින් 41 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 464 දෙනෙකි.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් අන්දමට නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 35, 673 දෙනෙකි.

 



අදහස් (0)

පැය 24කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1255ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site