IMG-LOGO

පාප් වහන්සේගේ නිවස්නයේ අයෙකුටත් කොරෝනා


 
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජීවත්වන නිවස්නයේ ජීවත්වන පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි වතිකානය අද (17) නිවේදනය කළේය.  

එම පුද්ගලයා කවුරුන්දැයි තවමත් නිශ්චිතව නිවේදනය කර නොමැති අතර ඔහු ‘කෝවිඩ්-19’ රෝග ලක්ෂණ පෙන්නුම් කර නැත. කෙසේවෙතත් ඔහු‘සැන්ටා මාර්තා’ නිවස්නයෙන් නික්ම ගොස් ඇති බව වාර්තා වේ.

ඔහු මුණගැසුණු හා ඔහුගේ සෘජු ආශ්‍රිතයන් සියලු දෙනා ද මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

පාප් වහන්සේ අද (17) සිය සුපුරුදු රාජකාරිවල යෙදුණු අතර පුද්ගලයන් තිදෙනෙකු පෞද්ගලිකව මුණ ගැසී තිබේ. එමෙන්ම පාප්වහන්සේ විසින් ඉතාලි පොලිස් නිලධාරින් විශාල පිරිසක් ආමන්ත්‍රණය කළ බවත් වතිකානය සඳහන් කළේය.

පාප්තුමා නිරන්තරයෙන් ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කරන බව ද වතිකානය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

පාප්තුමාට ඇත්තේ එක් පෙනහැල්ලක් පමණි. තරුණ වියේදී කරන ලද සැත්කමකදී පාප්තුමාගේ එක් පෙනහල්ලක් ඉවත් කර ඇත.

වතිකානය යනු ඉතාලියේ රෝම නගරයෙන් වට වූ කුඩා නගර රාජ්‍යයකි. නව කොරෝනා වයිරසයෙන් වතිකාන නගරයට එල්ල වූයේ ඉතා සීමිත බලපෑමක් වන අතර වාර්තා වී ඇති වයිරස ආසාධිතයින්ගේ ගණනද 50කට අඩුය.

පසුගිය සතියක කාලයේදී වතිකානයෙන් කොරෝනා ආසාධිතයන් තිදෙනකු හඳුනා ගැණුනු අතර ඔවුන් තිදෙනා මේ වනවිට සුවය ලබා ඇත.

මේ අතර පාප්තුමාගේ ආරක්ෂාව යොදා සිටින ‘ස්විස් විශේෂිත ආරක්ෂිත බලකායේ’ 04 දෙනෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පසුගිය සතියේදී වාර්තා විය.


රොයිටර් අනුග්‍රහයෙනි
- 055



අදහස් (2)

පාප් වහන්සේගේ නිවස්නයේ අයෙකුටත් කොරෝනා

Afthar Sunday, 18 October 2020 03:11 AM

දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා කියන්නේ ඕක තමයි. සුදු පෙරවාගෙන ලෝකෙටම යුද්ධ බෙදබෙදා ගිහින් සොබාදහමට දඬුවම් දෙන්නයි හදන්නේ...

:       0       0

vidya Sunday, 18 October 2020 06:00 AM

දෙවියන්ට වෛරස් වැනි ක්ෂුද්‍ර ජීවීන් පේන්නේ නැතිව ඇති. දැන් ගොඩක් වයස ඇතිනේ. මනුස්සයන්ගේ ප්‍රශ්න විසඳන්නට ගිහින් එරිලා ඉන්න දෙවියෝත් බය ඇති..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site