(හේමලතා ඩී හේවගේ)
පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ඇලබඩගම නැගෙනහිර ග්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත හුදෙකලා කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
පවුල් 20 කට අයත් පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් මෙහි පදිංචිව සිටින අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සාමා හේරත් මහත්මියගේ උපදෙස් මත ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ හෙට (21) සිදුකරන බවද එම කාර්යාලය පවසයි.
ඉකුත් 15 වැනිදා මෙම කොට්ඨාසය තුළ නිරෝධායනය වෙමින් සිටි 98 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව එම පිරිසගෙන් එක් කාන්තාවක් ආසාදිතයකු ලෙස තහවුරු වීමත් සමඟ ඇය පදිංචිව සිටි මෙම මාවත මෙසේ හුදෙකලා කළ බවයි.
කාන්තාව ඇතුළුව එම ගම්මානයෙන් මේවනවිට ආසාදිතයන් සිව් දෙනෙකු වාර්තා වී ඇති බවද සඳහන් වේ.
අවුරුදු 31 ක් වන මෙම කාන්තාව දරුවන් දෙදෙනකුගේ මවක් වන අතර ඇය පදිංචි ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වී ඇති බවත් පැවසේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පන්නල ඇලබඩගම කොටසක් හුදෙකලා කරයි