පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂහීද් කකාන් අබ්බාසි ට නව කොරෝනා වයිරසය වැළැඳී ඇතැයි ඔහුගේ පක්ෂය සහ පවුලේ සාමාජිකයෝ අද (8) තහවුරු කළහ.
එරට හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් එම ධුරය දැරීමට සුදුසු නැතැයි ප්‍රකාශ කිරීමත් සමඟ අබ්බාසි 2017 වසරේ සිට 2018 මාස දහයකට ආසන්න කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.
ෂහීද් කකාන් අබ්බාසි මේ වනවිට ස්වයං-නිරෝධායනයට යොමු වී ඇත.
අමතරව පාකිස්තානයේ දුම්රිය අමාත්‍ය ෂීක් රෂීඩ් අහ්මඩ්, පන්ජාබ් පළාතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කවාජා සල්මාන් රෆීක් ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පාකිස්තාන වාර්තා සඳහන් කළේය.
පළාතේ ආණ්ඩුකාරවරයා වන ඉම්රාන් ඉස්මයිල්ට සහ පාර්ලිමේන්තුවේ කතානායක අසාද් කයිසර්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මීට පෙර වාර්තා විය.
පාකිස්තානයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගෙන් ගණන මේ වනවිට 100,000 සීමාව ඉක්මවා ගොස් ඇත.
පාකිස්තානයෙන් අද (8) පස්වරු 4න් අවසන් වූ පැය 24ක කාලයේදී ආසාදිතයන් 4,728 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 1,03,671ක් ලෙස දැක්විණි.
පාකිස්තානයෙන් ඉරිදා දිනයේදී මරණ 68ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ 2,121ක් ලෙස දැක්විණි.
පසුගිය සතියක කාලයේදී පාකිස්තානයෙන් දිනපතා වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන සාමාන්‍යක් ලෙස 4,458ක් ලෙස දැක්විණි. ඒ අනුව ඊට පෙර සතිය හා සැසඳීමේදී දෛනිකව වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇත.
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කරමින් ව්‍යාපාරික හා ආර්ථික කටයුතු ආරම්භ කිරීමට පාකිස්තාන ආණ්ඩුව පියවර ගෙන ඇත. වයිරසය ආසාදනය වීමෙන් වැළැකීම සඳහා අදාළ සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ පිළිපදින්නැයි ද ජනතාව තම තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කළ යුතු යැයි ද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවැසීය.
සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු නැවත ආරම්භ කරන්නැයි ද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගිය සතියේදී නියෝග කළේය.
අල්ජසීරා
(055)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පකිස්තානයේ හිටපු අගමැතිට කොරෝනා
banda Monday, 08 June 2020 05:38 PM
අපිට නෑනේ මෙහෙම වාසනාවක්...