IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නවදිල්ලියේ හතරෙන් එකකට කොරෝනා


අසල්වැසි ඉන්දියාවේ අගනගරය වන නවදිල්ලියේ ජනගහනයෙන් හතරෙන් එකකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවක් සඳහන් කරයි.
 
මේ වාර්තාවත් සමඟ ඉන්දියාවේත්, ඉන්දියාවේ මෙගා නගරයක් වන නවදිල්ලියේත් නිල සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් අර්බුදයක් මෙන්ම මතභේදාත්මක තත්ත්වයක් ද හටගෙන ඇත.
 
මෙවැනි අර්බුදයක් ඉකුත් දා ඉරානයෙන් ද වාර්තා විය. ඉරානයේ මිලියන 25කට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද තවත් මිලියන 35කට පමණ නව කොරෝනා වයිරසය ආසාදනය වනු ඇතැයි එරට ජනාධිපති හසන් රොව්හානී පසුගිය දා ප්‍රකාශ කළේය.
 
ලෝක බැංකුවේ දත්තවලට අනුව පසුගිය වසර අවසන් වනවිට ඉරානයේ ජනගහනය මිලියන 82.9ක් වේ.

ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (22) මිලියන 15 ඉක්මවා ගියේ යැයි ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
 
ඉන්දියාව පසුගිය සතියේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනයක් වාර්තා වන තෙවැනි රට බවට පත්විය.
 
ඉන්දියාවට අමතරව නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනය ඉක්මවා වාර්තා වන අනෙක් රටවල් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලයයි.
 
ඉන්දියාවේ කොවිඩ්-19’ ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ කෙරෙන අනුපාතය ඉතා අඩු යැයි විශේෂඥයෝ දීර්ඝ කාලයක සිට පෙන්වාදුන්හ. මේ තත්ත්වය හේතුවෙන් එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ සත්‍ය ගණන ඊට වඩා වැඩි යැයි ද ඔවුහු කීහ.
 
ඉන්දියාවේ ජාතික රෝග පාලන මධ්‍යස්ථානය අහඹු ලෙස තෝරාගත් 27,387 දෙනකුගේ රුධිර සාම්පල පරීක්ෂා කර තිබූ අතර එයින් සියයට 23.48 දෙනකුගේ රුධිරයේ ප්‍රතිදේහ ඇතැයි ද සොයාගෙන තිබේග ඒ අනුව ඉතිරි සියලු දෙනා වයිරසයට නිරාවරණය වන නිගමනය වී ඇත.
 
දිල්ලියේ ජනගහනය මිලියන 20කට වැඩි යග ඉන්දියාවේ ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යාංශය අඟහරුවාදා නව වාර්තාවේ සොයාගැනීම් ඊයේ ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
 
ඊට අනුව නවදිල්ලියේ මිලියන 4-7කට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
 
එය දැනට දිල්ලියෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන මෙන් 40 ගුණයකි.දිල්ලියෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 125,000 ඉක්මවයි.
 
නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය පියවර ගත් අගය කළ සෞඛ්‍ය අමාත්‍යාංශය වයිරසය ආසාදනය වී ඇති බොහෝ දෙනා රෝග ලක්ෂණ පෙන්වා නැතැයි ද සඳහන් කළේය.
 
මෙම අධ්‍යයනය කර ඇත්තේ ජූනි 27 වැනිදා සිට ජූලි 10 වැනිදා දක්වා කාලයේදී ය.
 
ඉහළ අවදානමක් ඇති පිරිස ද ඇතුළුව තවමත් සියයට සියයට 75කට ආසන්න පිරිසක් සිටින්නේ අවදානමේ යැයි ජාතික රෝග පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානී සුජීත් කුමාර් සිං පැවැසීය.

ඉන්දියාවෙන් අද වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 1.19ක් වේග එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 29,000කට ආසන්න වේ.
 
නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති ප්‍රාන්ත බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර, දිල්ලි සහ තමිල්නාඩු යන ප්‍රාන්ත ය.
 
නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුගිය මාර්තු මාසයේදී මුළු රටටම බලපැවැත්වෙන පරිදි‘ලොක්ඩවුන්’ සීමා පැනවීයග එම සීමා ලොව දැඩිම සීමාවලින් එකක් යැයි ද පැවැසිණි. එහෙත් ඒ හේතුවෙන් සිදු වූ දැවැන්ත ආර්ථික බලපෑම සලකා බලමින් එම සීමා ක්‍රමයෙන් ලිහිල් කළේය.
 
දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වුවද මධ්‍යම ආණ්ඩුවෙන් පරිබාහිරව ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් ස්වාධීන තීන්දු තීරණ ගනිමින් සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබිණි. බැංගලෝරය, බිහාරය, බටහිර බෙංගාලය, කේරළයේ ඇතැම් කොටස් සහ තමිල්නාඩුව එසේ සීමා ලිහිල් කර තිබූ ප්‍රාන්ත ය.
 
දිල්ලියෙන් දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන පසුගිය සති කිහිපයේදී ක්‍රමයෙන් පහත වැටිණි. දිල්ලියෙන් අඟහරුවාදා දිනයේදී වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 1,000කටත් අඩු විය එලෙස ආසාදිතයන් 1,000කටත් වඩා අඩුවෙන් වාර්තා වූයේ දින 49කට පසුවයග ජූනි මාසයේ ඇතැම් දිනවලදී දිල්ලියෙන් ආසාදිතයන් 4,000 ද ඉක්මවා වාර්තා විය.

 
ඒ.එෆ්.පී.

055
 
 

 



අදහස් (2)

නවදිල්ලියේ හතරෙන් එකකට කොරෝනා

suren Wednesday, 22 July 2020 12:59 PM

මදැයි චීනුන් ලෝකෙට කල හදියක්...

:       0       0

නුවන් ගනේවත්ත Wednesday, 22 July 2020 01:41 PM

ඉන්දියාවේ මිනිස්සුන්ගේ නූගත් කම මේ ලෙඩේ ව්‍යාප්ත වෙන්න බලපෑවා... පොලීසිය පන්න පන්න ගැහුවත් ඉන්න නිසා ආරාක්ෂා වුනේ නෑ... අනික ඉන්දියාව කිසිම පාලනයකින් තොරව බුරුතු පිටින් විදේශ රටවල ඉන්න ඉන්දියානුවන් මව් රටට ගෙන්නවා ගත්තා... අද ඉන්දියාවේ ඉස්පිරිතාල ඉස්සරහ මිනී ගොඩ ගැහිලා.. ඉස්පිරිතාල පිරිලා... වැඩි හරියක් මැරෙන්නෙ කොරෝනා වලින් නෙවේ, වෙනත් ලෙඩ වලට බෙහෙත් ගන්න ඉස්පිරිතාල ඉඩ නැතුව... ලංකාව බේරුනේ හැමදේම ආණ්ඩුව ක්‍රමානුකූලව පාලනයකින් කරපු නිසයි... මුලින් මුලින් අපේ මිනිස්සු පාලනය නොවුනට පස්සෙ පස්සෙ පාලනය වුනා.... ලංකාව අද තියන තැන ගැන කියන්න සතුටුයි... ඇත්තම කියනවා නම් ලංකාවේ ඉන්න දරුවො, වැඩිහිටියන් ගැන හිතලා හරි පිටරට ඉඳලා කට්ටිය ගෙන්නන එක මීට මාස 2කකට පෙර නැවැත්තුවා නම් අද ලංකාවේ එක කොරෝනා රෝගියෙක් වත් නෑ.. සම්පූර්ණයෙන් ම කොරෝනා පාලනය කරලා ඉවරයි... ඉස්සරහට ගෙන්නවන්න පටන් ගත්තොත් ඊලඟට එන්නෙ තුන්වන රැල්ල.

:       0       109

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14164 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 313 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site