IMG-LOGO

දළදා මාළිගාවට පැමිණෙන සැදැහැවතුන්ට හැඳුනුම්පත අනිවාර්යයි

(චමිල් රූපසිංහ)
 
ශ්‍රී ලංකාව තුල මේ වන විට පැතිරී යමින් පවතින කොවිඩ් 19 වයිරසය හේතුවෙන්, ශ්‍රී දළඳා මාළිගාවට පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ හැඳුනුම්පත් අනිවාර්‍ය කර ඇති බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (24) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
 
නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේවල වෙසෙන පිරිස් හා ඒ අයගේ ආශිතයන් ශ්‍රී දළඳා භුමියට ඇතුලුවීම තාවකාලිකව නවතා ඇති බව එම මාධ්‍ය නිවේදනයේ සදහන්ය.
 
 චිරාගත සම්ප්‍රදායකව පැවතගෙන එන දළඳා පූජෝපහාර, තේවා වත් පිළිවෙත් කඩ නොකර පවත්වාගෙන යෑම පිනිසත් පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ  ආරක්ෂාව උදෙසාත් මෙම ක්‍රියා මාර්ගය ගත් බව නිවේදනයේ සඳහන් වේ.
 
දළඳා මාළිගා පරිශ්‍රයට ඇතුල්වන සියලුම සැදැහැවතුන් මුව ආවරණ පළඳා දෑත් සෝදා , ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ආදි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එම භූමියට ඇතුළත් කරගන්නා බවද එහි දැක්වේ.



අදහස් (3)

දළදා මාළිගාවට පැමිණෙන සැදැහැවතුන්ට හැඳුනුම්පත අනිවාර්යයි

විජේ Saturday, 24 October 2020 11:50 AM

එක්කො මේවා වහලා දාන්න ඕනේ.., මොන මෝඩ වැඩක්ද මේ කරන්නෙ....?

:       0       9

vikum Saturday, 24 October 2020 12:37 PM

මම හිතන්නේ හැදුනුම්පතෙන් දැන් කොරොනා බලන නිසා වෙන්ඩ ඇති, දැන් මිනිස්සු උන්නත් එකයි නැතත් එකයි, 20 සම්මතයිනේ.

:       0       7

ලුම්බිණි Sunday, 25 October 2020 12:12 AM

මේ අවස්ථාවේ කල යුතු හොඳම දේ මහජනතාවට මාලිගාවට ඇතුල් වීමට ඉඩ නොදෙන එක නේද? නේද නිලමේතුමා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 383 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site