IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


දිස්ත්‍රික්ක අතර සංචරණයට දැඩි සීමා

 

(ඩයනා උදයංගනී)

කොවිඞ් 19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස දිස්ත්‍රික් අතර සංචරණය දැඩි ලෙස සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව භාණ්ඩ බෙදා හැරීම, අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු කටයුතුවලදී දිස්ත්‍රික්ක අතර සංචරණය සීමා කෙරේ.
මේ කාලසීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොලීසියට උපදෙස් දුන්නේය.

කොවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (1)  පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම තීරණ ගනු ලැබීය.

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඞ් ව්‍යාප්තිය මර්දනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී තවත් තීරණ ගණනාවක් ගෙන ඇත.

පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට තම නිවෙස් තුළම නිරෝධායනයට ගත් පියවර සාර්ථක එකක් බැවින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලීසීය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණය ඇතිව එය තවදුරටත් විධිමත් කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ 10 වන දිනයේ දී කළ යුතු බවත්, ප්‍රතිඵල අනුව ආසාදනයට ලක් නොවූවන් දින 14කට නිරෝධායනයෙන් පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

කොවිඞ් 19 පිළිබඳව කිසිඳු අත්දැකීමක් නොතිබූ පෙර අවස්ථාවේ ඉතා හොඳින් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයට හැකි වූ බැවින් එහිදී ගත් උපක්‍රම සහ ක්‍රමවේද මගින් වත්මන් තත්ත්වය පාලනයට පියවර ගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

අඛණ්ඩව සහ නිරන්තරයෙන් අහඹු පරීක්ෂණ කිරීමේ වැදගත් බවත්, ඒවායේ ප්‍රතිඵල කෙටි වේලාවකදී ලබාදීමට හැකි උපරිම උත්සාහය ගත යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය.

පෞද්ගලික රෝහලකින් හෝ රජය මගින් මෙම පරීක්ෂණය කෙරුණද අදාළ පුද්ගලයා ප්‍රතිඵල එන තෙක් නිරෝධායනයට යොමු කිරීම අනිවාර්ය බවත් පෞද්ගලික රෝහල්වල සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අධීක්ෂණයට ලක්විය යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඇඳිරි නීතිය පැනවීමේ අපේක්‍ෂාව රෝග ව්‍යාප්තිය මර්දනය බැවින් එය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් දුන්නේය. රෝග ව්‍යාප්තිය පාලනයෙන් පසුත් ආසාදිතයන් හමුවුවහොත් ඊට හේතු වෙනම විමර්ශණය කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය.



අදහස් (5)

දිස්ත්‍රික්ක අතර සංචරණයට දැඩි සීමා

Viki Sunday, 01 November 2020 03:07 PM

අනේ ගෝඨා මේ රටේ ඉන්නවද?

:       3       13

Manoj Sunday, 01 November 2020 05:06 PM

පීසා මේ රටේ අත්‍යවශ්‍ය දෙයක්ද? ඒවාට ඇදිරිනීති බලපත් දෙන්නේ කොහොමද?

:       3       6

saman Monday, 02 November 2020 03:19 AM

අපේ රටේ වෛද්‍යවරු ජනාධිපතිතුමාගේ උපදෙස් එනකම්ම බලන් ඉන්නවා අහඹු පරීක්ෂණ කරන්න. අඩු තරමේ රෝගින් සමග නිතර ගැටෙන වෛද්‍යවරු, හෙදියන් වත් PCR කරනවද ?

:       0       0

SL Monday, 02 November 2020 05:43 AM

පුද්ගලික ආයතන වල වැඩට එන්න කියනවා. ඒවාට පැහැදිලි නීතියක් නැතිද ? වැඩට යන්න පුළුවනි නම් ඒ ක්‍රමවේද පැහැදිලිව කියන්න

:       0       3

vipula Monday, 02 November 2020 07:01 AM

මේවා නිකන් නිවුස් විතරයි. යන්නකෝ පාරට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31636 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site