IMG-LOGO

දශක ගණනකට පසු නොබෙල් භෝජන සංග්‍රහය අවලංගු කරයි

වසර 50කට වැඩි කාලයකට පසු පළමුවරට "නොබෙල් ත්‍යාග භෝජන සංග්‍රහය" අවලංගු කිරීමට තීරණය කර ඇත.

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් "කොවිඩ්-19" වයිරස වසංගතය පැතිර යෑමේ අවදානම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මේ වසරේ නොබෙල් ත්‍යාගලාභීන් නිවේදනය කළද භෝජන සංග්‍රහය නොපැවැත්වේ.

සාමාන්‍යයෙන් නොබෙල් ත්‍යාගලාභීන් කලින් ප්‍රකාශයට පත් කෙරෙන අතර ඔවුන්ට හිමි පදක්කම් පැළැඳවීම සහ ත්‍යාග මුදල් ලබාදීම කෙරෙන්නේ දෙසැම්බර් 10 වැනිදා ය. එම උත්සවයෙන් පසුව ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී භෝජන සංග්‍රහය පැවැත්වේ.

මෙම භෝජන සංග්‍රහයට සාමාන්‍යයෙන් අමුත්තන් 1,300කට ආසන්න පිරිසක් සහභාගී වේ.

අවසන් වරට නොබෙල් භෝජන සංග්‍රහයක් අවලංගු කෙරුණේ 1956 වසරේදී ය . ඒ සෝවියට් සමූහාණ්ඩුව හංගේරියව ආක්‍රමණය කළ අවස්ථාවේදීය.

පළමු හා දෙවැනි ලෝක යුද්ධ පැවැති අවස්ථාවලදී ද නොබෙල් භෝජන සංග්‍රහය අවලංගු කර ඇත.

සාමය, විද්‍යාව සහ සාහිත්‍ය යන ක්ෂේත්‍රවලින් අත්පත් කරගන්නා සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් වාර්ෂිකව නොබෙල් ත්‍යාග පිරිනමයි.

ද ගාඩියන්

055

 



අදහස් (3)

දශක ගණනකට පසු නොබෙල් භෝජන සංග්‍රහය අවලංගු කරයි

sharm warn Wednesday, 22 July 2020 03:41 AM

ඒ මිනිස්සුන්ට සාමාන්‍ය දැනීම, තාර්කික බුද්ධිය සහ සරල මොලයක් බැගින් තියෙන බව පෙනෙනවා.

:       0       24

kamal Wednesday, 22 July 2020 05:12 AM

ඔය නොබෙල් භෝජන සංග්‍රහය වගේ නෙවෙයි අපි, ඡන්දේ තියෙනවා කිව්වා. ඔක්කොම රජයේ නිලදාරීන් එකඟයි. එහෙම දියුණු රටක අපි ඉන්නේ.

:       0       85

S.PWednesday, 22 July 2020 05:47 AM

කොරියාව හරි නොදුයුණුයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 180 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 505 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site