(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දෙයියන්දර නෙරලම්පිටියේ පදිංචි 52 හැවිරිදි තිදරු පියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණයක දී අද (19) තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසයි.
කඹුරුපිටිය ආදපාන රජයේ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ නේවාසික ප්‍රතිකාර ලබන ඔහුගේ තත්වය බරපතල නොවන බව දැන ගන්නට ඇත.
කොළඹ වරායේ පෞද්ගලික සමාගමක සේවය කරන ඔහු ඉකුත් 11 වැනි කොළඹ සිට අධීවේගී මාර්ගයේ ලංගම බසයකින් මාතර ප්‍රධාන බස් නැවතුම්පොල වෙත පැමිණ ඇත. පසුව මාතර සිට දෙයියන්දර බලා ධාවනය වන ලංගම බසයකින් දෙයියන්දර නගරයට ළඟා වී එතැන් සිට සිය පුතු සමග යතුරු පැදියෙන් නිවසට ගොස් ඇත. පසු දින ඔහුගේ නිවසේ දානමය පිංකමක් පවත්වා තිබේ.
ඔහුගේ මෝටර් රථයෙන් හාමදුරුවන් වහන්සේලා තුන් නමක් වැඩම කර දානය පිරි නමා ඇති අතර එම දානමය පින්කම සඳහා 30දෙනෙකු පමණ සම්බන්ධ වී තිබෙන බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.
ඔහුගේ දියණිය දෙයියන්දර රෙදිපිලි වෙළඳසැලක සේවය කරන්නීය.එම වෙළඳසැල ද තාවකාලිකව වසා විෂබීජහරණය කිරීමට සෞඛ්‍ය අංශ සැලසුම් කර ඇත.
කොළඹ සිට නිවසට පැමිණී පසු අසනීප තත්වයට ප්‍රතිකාර ගැනීමට එම පුද්ගලයා දෙයියන්දර නගරයේ පුද්ගලික බෙහෙත් ශාලාවකට ගොස් ඇති අතර, ඉන් සුවයක් නොලැබුණු විට දෙදිනකට පසු මුලටියන බෙහෙත් ශාලාවකට ගොස් වෛද්‍යවරයෙකුගෙන් පුද්ගලිකව බෙහෙත් ලබා ගෙන තිබේ. පසුව අසනීප තත්වය උත්සන්න වීම මත වෛද්‍ය උපදෙස් මත ආදපාන රජයේ රෝහල වෙත ඇතුළත් වී කළ පී.සී.ආර්.පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙන බව පොලීසිය සදහන් කරයි.
ඔහු ආ ගිය තැන් වෙලාවන් හා ආශ්‍රිතයන් ගැන බුද්ධි අංශ තව දුරටත් තොරතුරු එක්රැස් කරමින් පවතී.
සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දෙයියන්දරිනුත් කොරෝනා ආසාදිතයෙක්