IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අලෙවි නොවීමෙන් ගොවීහු අසීරුතාවක

( කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පැය 24 පුරාම විවෘත කර තිබෙන අතර  එළවළු අලෙවි නොවී විශාල වශයෙන් ගොඩ ගැසී ඇති බව ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති.
 
අද (29) දින අලුයම සිට 30 දින අලුයම දක්වාම එක දිගටම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර තැබුවද රටටම ආහාර එළවළු ලබාදීම සඳහා පැමිණි ගොවීන් නිදි වර්ජිතව ආහාර ලබා ගැනීමකින් තොරව අසීරුතාවයකට පත්ව සිටින බව ඔවුහු පවසති.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අති විශාල ජනකායක් ඊයේ (29) දින පෙරවරුවේ සිට අද(30) දින අලුයම දක්වාම රැස්ව සිටින අතර තමන් රැගෙන ආ එළවළු තොග අලෙවි නොවීම නිසා මේ තත්ත්වය උදා වී ඇතැයි ගොවීන් පෙන්වා දෙති.
 
එළවළු රැගෙන ආ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලොරි රථ ටැක්ටර් ආදී රථවාහනවලින් දඹුල්ල නගරයේ  මාර්ග සියල්ලම පිරි ඉතිරි ගොස් තිබේ.
 
පොලිස් නිලධාරින්ද නිදි වර්ජිතව සිය රාජකාරි කටයුතුවල නිරතව සිටින අයුරු රාත්‍රියේ එමෙන්ම අලුයම් කාලයේ දී ද දැක ගැනීමට හැකි විය.
 
එළවළු රැගෙන ආ ගොවීන් කියා සිටියේ පැය ගණනාවක් තිස්සේ ආර්ථික මධ්‍යස්ථානය තුල රැඳී සිටිය ද එළවළු ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි වන බවත් බොහෝ එළවළු තොග අලෙවි නොවීම නිසා ආර්ථික මධ්‍යස්ථානය තුල ඉතාමත් අලෙවිවන බලා සිටින බවයි.


රාත්‍රියේ බොහෝ එළවළු වර්ග  පාලන මිලට අලෙවි වූ බවත් ඇතැම් එළවළු වර්ග පාලන මිලට වඩා ඉතා අඩු මුදලින් අලෙවි වූ බවත් ඇතැම් අවස්ථාවන්හිදී පාලන මිලටත් වඩා වැඩියෙන් එළවළු අලෙවි වූ බව ද ගොවීන් සහ ව්‍යාපාරිකයෝ කියති.
 
මුළු රට පුරාම මෙම වෛරස් තත්ත්වය හේතුවෙන් ජනතාවට විමසිලිමත් ව  මිටරයක් දුරින් රැඳී සිටින්න යැයි  අවවාද ලබා දෙද්දී දඹුල්ල නගරය ආර්ථික මධ්‍යස්ථානය සහ දඹුල්ල අවට විශාල ජනතාවක් ඉතාමත් අනාරක්ෂිත ලෙස  සිටින බව ජනතාව පෙන්වා දෙති.
 
ආර්ථික මධ්‍යස්ථානයට එළඹුණු රැගෙන ආ බොහෝ ගොවීන් කියා සිටියේ මේ පිළිබඳව රජය විශේෂ වැඩපිළිවෙළක් සකසා නොදුනහොත් ආර්ථික මධ්‍යස්ථානය තුළ එන ගොවීන් සහ ව්‍යාපාරිකයන් ද දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබෙන බවය.
 
වෙනදා රාත්‍රියේ වසා දමන ආර්ථික මධ්‍යස්ථානය රටේ ලෝකේ ව්‍යසනයක් පැවැති අවස්ථාවේ ඒ පැය 24 පුරාම විවෘතව තැබීම නිසා බරපතළ රෝග පැතිර යෑමේ අවදානම පවතින බව ද ගොවීන් පෙන්වා දෙති.
 
 
එමෙන්ම දඹුල්ල ප්‍රධාන මාර්ග සියල්ලම එළවළු ලොරි වලින් පිරී ඉතිරී ගොස් මෙම එළවළු විකිණීම සඳහා සහ මිලදී ගැනීම සඳහා පැමිණෙන ජනතාවට අඩුම තරමේ වතුර

උගුරක් හෝ පානය කිරීමට හෝටලයක් විවෘත නොවීම නිසා පැය 24 පුරා කුසගින්නේ  ගොවීන් බව සිටින බව කියති .
 
අද(30) දින අලුයම කාලයේ ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එකම හිස් ගොඩක් වාහන අංගනයක් ලෙස පෙනුණු අතර එළවළු වලින් ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම පිරී ඉතිරී ගොස් ඇති අයුරු අලුයම් කාලයේ ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
 
බොහෝ ගොවීන් සහ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීමට එන පැමිණි අය එළවළු ගොඩවල් උඩම නිදාගෙන සිටින ආකාරයත් මෙහිදී දර්ශනය විය.
 
දඹුල්ල නගරයේ ම අනාරක්ෂිත ස්ථානයක් බවත් යම්කිසි හෙයකින්  වීසබීජහරණය කිරීමකට හෝ කිසිඳු ඉඩ හසරක් නොමැතිව මෙම අනාරක්ෂිතභාවය පවතින බවත් මේ පිළිබඳව කඩිනමින් රජයේ අවධානය යොමු නොකළහොත් දඹුල්ල බරපතළ රටකම ලෙඩ බෝ කරන මධ්‍යස්ථානයක් බවට පත්වී යැයි බොහෝ ගොවීන් අද අලුයම අප සමඟ පැවසූහ.

 

 



අදහස් (3)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අලෙවි නොවීමෙන් ගොවීහු අසීරුතාවක

දිමියා Monday, 30 March 2020 02:57 AM

ඒ කියන්නේ නිසි පරිදි මෙම එළවළු බෙදාහැරීමට ක්‍රමවේදයක් නෑ. බැසිල් මහතා නිදිද? මෙවා ඇඳිරි නීතිය නිසා සිරවී සිටින මිනිසුන්ට බෙදා හරින්නේ නැත්තේ ඇයි? කෝමේ ජනතා හිතවාදී පාලකයින්?

:       0       0

රවින් Monday, 30 March 2020 04:20 AM

10% විශේෂ කොමිටුවට වැඩකරන්න බැරුවද? ආ අමතක වුනානේ ගොවීන් 10% දුන්නානම් තමා වැඩ පටන් ගන්නේ. සමාවන්න ත්‍රිවිද හමුදාවනි ! පොලිසියේ මහත්වරුනි! . මානුෂික මෙහෙවරක්, 10% ට බුදියාගන්න කියලා වැඩේට බහින්න. ඔබලාට චිත්ත දිරිය තියෙනවා මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ඉදිරියට යන්න.

:       0       0

Asanka Monday, 30 March 2020 05:21 AM

ඔකෙ විෂබීජ හරණය කරන්න එස්.ටී.එෆ්. නිලධාරින්ට වෙළෙන්දෝ බැනලා එළවාගත්තා කියලා කළින් නිව්ස් එකක් තිබ්බා දැක්කෙ නැද්ද? මෙවට වගකියන්න ඔන වෙළද මාෆියාව සහ ඒ අයට බය ආරක්ෂක අංශ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31493 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13818 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site