දිනක් ඇතුළත වාර්තා වූ ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන පළමු වරට ඉකුත්දා (16) 400,000 ඉක්මවා ගියේය.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් පසුව දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද එය වේ.
එසේ දිනක් ඇතුළත වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන ඉහළ යනවිට වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යුරෝපය නැවත වරක් දැඩි සීමා පැනවීමට පියවර ගෙන ඇත.
ඇතැම් කලාප හා සංසන්දනය කිරීමේදී වයිරසයේ පළමු රැල්ල තරමක් දුරට හෝ සාර්ථකව පාලනය කරගැනීමට යුරෝපය සමත් වුවද, මේ වනවිට යුරෝපය නැවත වරක් වයිරසය පැතිර යෑමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ.
පසුගිය සති කිහිපයේදී යුරෝපයෙන් දෛනිකව වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණනේ සාමාන්‍ය 140,000ක් විය.
පසුගිය දින කිහිපයේදී කලාපයක් ලෙස ගත්විට යුරෝපයෙන් දෛනිකව වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන ඉන්දියාව, බ්‍රසීලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවලින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණනේ එකතුවටත් වැඩි ය.
පසුගිය සති කිහිපයේදී ලොව නන්දෙසින් වාර්තා වූ සෑම ආසාදිතයන් 100 දෙනකුගෙන් 34 දෙනකුම අයත්ව ඇත්තේ යුරෝපා රටවලට යැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. මේ වනවිට යුරෝපා කලාපයෙන් සෑම දින නවයකට වරක්ම ආසාදිතයන් මිලියනයක් වාර්තා වන අතර මේ වනවිට යුරෝපයෙන් වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 6.8 ඉක්මවයි.
ඔක්තෝබර් 18 වැනිදායින් අවසන් වූ සතියේදී යුරෝපයෙන් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගෙන් අඩකඩ ආසන්න ගණනක් වාර්තා වී ඇත්තේ එම කලාපයේ ප්‍රධාන රටවල් වන එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය යන රටවලිනි.
දින හතක සාමාන්‍ය සැලකිල්ලට ගැනීමේ වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ප්‍රංශයෙනි. එරටින් දිනක් තුළ වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සාමාන්‍ය 19,425කි. ඉන් අනතුරුව නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් වන්නේ එක්සත් රාජධානිය, රුසියාව, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය යන රටවල් ය.
නව කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් යුරෝපයේ ඇතැම් රටවල් මේ වනවිට පාසල් වසා දැමීමට ද පියවර ගෙන ඇත.
රුසියාව මේ වනවිට එරට සිසුන් අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම සඳහා යොමු කර තිබෙන අතර උතුරු අයර්ලන්තය පාසල් සති දෙකකට වසා දැමීමටත් අවන්හල් සති හතරකට වසා දැමීමටත් පියවර ගෙන ඇත.
බීමහල් සහ අවන්හල් දින 15කට වසා දැමීමටත් සාප්පුවලට පැමිණෙන පිරිස සීමා කිරීමටත් ස්පාඤ්ඤයේ කැටලෝනියේ ප්‍රදේශයේ බලධාරීහු පියවර ගත්හ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දිනකදී කොරෝනා ආසාදිතයින් ලක්ෂ 4 ක්