IMG-LOGO

දකුණු අප්‍රිකානු විද්‍යාඥවරියක කොරෝනා සංකූලතා හේතුවෙන් මරුට

 
ලෝක ප්‍රකට දකුණු අප්‍රිකානු විද්‍යාඥවරියක වන මහාචාර්ය ගීතා රම්ජි, කොවිඩ් - 19 ආශ්‍රිත සංකූලතා හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.
 
ඇය HIV සහ TB රෝගය සම්බන්ධ පර්යේෂණ සිදුකළ ඕරම් ආයතනයේ ප්‍රධාන විද්‍යාත්මක නිලධාරියා ලෙස සේවය කළේය.

දකුණු අප්‍රිකාවේ වෙරළබඩ නගරයක් වන ඩර්බන්හි දී ඇය මියගිය බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

මාර්තු මස මැද භාගයේදී බ්‍රිතාන්‍යයේ සිට දකුණු අප්‍රිකාවට පැමිණීමෙන් පසුව ඇය රෝගාතුර වූවාය.
 
ඇය බ්‍රිතාන්‍යයට ගොස් තිබුණේ ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහාය.ඇය එම වෛද්‍ය විද්‍යාලයේ මෙන්ම වොෂ්න්ටන් විශ්ව විද්‍යාලයේ සහ කේප් ටවුන් විශ්ව විද්‍යාලයේ ගෞරව මරාචාර්යවරියක ලෙස කටයුතු කළාය.
 
ලෝකයේ වැඩිම HIV ආසාදිතයන් ප්‍රමාණයක් සිටින්නේ දකුණු අප්‍රිකාවේ ය.  මහාචාර්ය රම්ජි කාන්තාවන්ගේ HIV ආසාදන වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්දව වසර ගනනාවක් තිස්සේ කැපවී ක්‍රියාකළ විද්‍යාඥවරියකි.

 ඇය ඇතුළු කණ්ඩායමේ කාර්යභාරය හේතුවෙන් මේ වනවිට දකුණු අප්‍රිකාවේ නව HIV ආසාදන ශුන්‍ය වී තිබේ.
 
මහාචාර්ය රම්ජිගේ සේවය ලෝකයට අවශ්‍යම වකවානුවක ඇය මියගිය බවත් එය දැරිය නොහැකි දැවැන්ත පාඩුවක් බවත් එක්සත් ජාතීන්ගේ ආධාර කණ්ඩායමේ ප්‍රධානී විනී බයනිමා පවසයි.
 
දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති ඩේවිඩ් මබුසා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, "මහාචාර්ය රම්ජිගේ අභාවය එච් අයි වී සහ ඒඩ්ස් වලට එරෙහි ගෝලීය අරගලය ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයටම සිදුවූ විශාල පහරක්" බව යි.
 
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (2)

දකුණු අප්‍රිකානු විද්‍යාඥවරියක කොරෝනා සංකූලතා හේතුවෙන් මරුට

JAYATH Thursday, 02 April 2020 03:23 AM

ඇය මේ ලෝකයට මහඟු සේවාවක් කර විද්‍යාඥ වරියක් අප්‍රිකානුරටවල ඒඩ්ස් සම්ම්බන්දයෙන් . ඔබ කල සේවය අමරණීයයි

:       1       36

දෙනෙත් Thursday, 02 April 2020 05:43 AM

ඔබ කල සේවය සදා අමරණීයයි.. නිවන්සුව ලැබේවා!

:       1       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 186 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site