කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් 14දෙනෙකු සුවය ලබා අද(24) රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 3දෙනෙකුද, වැලිකන්ද මූලික රෝහලෙන් 2දෙනෙකුද, කාත්තන්කුඩි මූලික රෝහලෙන් 2දෙනෙකුද, මිනුවන්ගොඩ රෝහලෙන් 2දෙනෙකුද, හම්බන්තොට රෝහලෙන් 5දෙනෙකු ද මෙසේ සුවය ලබා පිටව ගොස් තිබේ.
අද දිනයේදී සුවය ලැබූ පිරිසත් සමඟ මේ දක්වා කොරෝනා වයිරසයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව 1562 දක්වා ඉහළ ගොස් ඇත.
සුවය ලැබූ මෙම පිරිස අතර විදේශිකයන් කිසිවකු වාර්තා නොවන බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කෙසේවෙතත් මේ වනවිටත් 418ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති, කොරෝනා බවට සැක සහිත රෝගීන් 30දෙනෙකු සිටින බවද පවසයි.
අද වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 1991ක් වන අතර, 11 දෙනෙකු රෝගය ආසාදනය වීමෙන් මියගොසිනි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තවත් 14ක් සුවය ලබා ගෙදර යති