IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


තැපැල් දෙපාර්තමේන්තුවේ ගැටළුව ගැන අමාත්‍යංශයේ දී අනිද්දා සාකච්ඡාවක්

(විනීතා එම් ගමගේ)
 
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ අතිකාල දීමනා කපා හැරීම හා සෙනසුරාදා තැපැල් කාර්යාල වසා දැමීම ඇතුළු ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උස්ස අධ්‍යාපන හා තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යංශයේ දී අනිද්දා (09) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
 
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන හා තාක්ෂණ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවට තැපැල්පතිවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ පරිපාලන මට්ටමේ නිලධාරින් පිරිසක් හා තැපෑලේ සියලූම වෘත්තිය සමිතිවල නියෝජිතයන් ද සහභාගි වීමට නියමිතය.
 
තැපැල් දෙපාර්තමේන්තුව වසරක දී කෝටි 500 කට ආසන්න මුදලක් පාඩු ලබන බව හෙලිවී තිබේ.
 
කාර්ය මණ්ඩල වැටුප් සඳහා තැපැල් දෙපාරේතමේන්තුව වසරක දී කෝටි 100 කට ආසන්න මුදලක් වැය කරන අතර අතිකාල ඇතුළු විවිධ දීමනා ගෙවීමට පමණක් දිනකට කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කරන බව හෙලි වී තිබේ.
 
මෙම අසීමිත වියදම් අවම කර ගැනීමේ වුවමනාව මත දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් තීරණ කිහිපයක් ගෙන ඇති අතර එම දෙපාර්තමේන්තුවට දැනට වැඩ කරන දිනයක් වන සෙනසුරාදා දිනයේ තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාල වසාතැබීමට ද එහි දී තීරණය කර ඇත.
 
මෙකී තීරණයට දෙපාර්තමේන්තුවේ සමහර වෘත්තිය සමිති විරුද්ධ වී ඇති අතර ඒ පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කරවන බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.



අදහස් (6)

තැපැල් දෙපාර්තමේන්තුවේ ගැටළුව ගැන අමාත්‍යංශයේ දී අනිද්දා සාකච්ඡාවක්

Gamage Sunday, 07 June 2020 01:14 PM

මේක සේවාවක් ... ලාභ ලබන ආයතනයක් කරගන්න මැනේජ්මන්ට් එක දැනගන්න ඕනේ.. සේවකයින්ගේ ඕටී කැපුවා කියලා හරියන්නේ නැහැ.

:       0       14

de silva Sunday, 07 June 2020 03:19 PM

තැපෑල හැමදාම පාඩු ලබනවා .. තැපැල් සේවකයන් හරියට රාජකාරිය කරන්නේ නැහැ. එමනිසා පාරිභෝගිකයන් පුද්ගලික කූරියර් සේවාවල සේවය ලබා ගන්නවා. තැපෑල පසුගිය දශක කිහිපයේදී එන්නම එන්නම පිරිහිලා... උදාහරණයක් ලෙස ගන්නවා නම් 90 දශකයේදී ජර්මනියේ ඉඳන් ලංකාවේ ගාල්ල නගරයට සාමාන්‍ය තැපෑලේ එවන ලිපියක් දින 5-9 අතර කාලයකදී ලැබෙනවා. මෙච්චර තාක්ෂණය අලුත්වෙලත් දැන් අවම වශයෙන් සති 3 - මාස 2 අතර කාලයක් ගතවෙනවා.. ජර්මනියෙන් ඇහුවම කියනවා අපට යවන්න ලැබෙන රට ලියුම් සාමාන්‍යයෙන් පැය 24 ඇතුලට තෝරලා, අදාල රටට ගුවන් ගතකරන්න කටයුතු කරනවා කියලා..., ලංකාවේ තැපැල් කාර්යාලයට ගියොත් පෙනෙනවා සේවකයින් වැඩ කරන හැටි..., මේක පුද්ගලික අංශයට පවරන්න.. යුරෝපයේ දියුණු රටවල තැපෑල පුද්ගලික අංශයට පවරා ඇත. එමනිසා බදු ගෙවන ජනතාවට පාඩුවක් නොවේ. මේකට අපේ බදු සල්ලිත් වියදම් කරලා හරිහැටි සේවයක් නොවෙනකොට කුමක් හෝ දිර්ඝකාලීන පිළියමකට යන්න ඕනේ නේද?

:       0       24

himal Sunday, 07 June 2020 04:00 PM

මෙතන වෙලා තියෙන්නේ අතිකාල කැපීමක් නොවේ. සෙනසුරාදා දිනයේදී තැපෑල පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් තියෙනවද? අන්න ඒකයි සලකා බලන්න ඕන. අනෙක් අතට ඉදිරියට තවදුරටත් මුද්දරෙයි, ලියාපදිංචි ලිපියයි විකුණලා නම් තැපෑලට පවතින්න බෑ.

:       0       0

රාජුන් Sunday, 07 June 2020 04:34 PM

හාල් මිල වැඩි කළාම මේක මහජනතාව ලැබූ ජයක් කියලා උදම් අනපු ඇමති නේද තැපෑල බාර ඇමති?

:       0       0

lalithm Sunday, 07 June 2020 04:54 PM

සේවාවක් හැමවිටම ලාබ ලබන්න බැරි වෙන්න පුළුවන්. එහෙත් අතිකාල මත සේවාවක් දුවන්න හේතුවක් ලංකාවේ තියෙන්න බැහැ. උතුරන්න නිකම් ඉන්න සේවකයින් ඉන්නවා රජයේ හැම කාර්යාලයේම. අනික සේවකයින් රාජ්‍ය සේවාවන් පාලනය කරන්න ගිහින් තමා පරිපාලන නිලධාරීන් අක්‍රිය වෙලා තියෙන්නේ. වෘත්තීය සමිති ලොක්කෝ රටම පාලනය කරන්න හදන එක නවත්වන්න දැන් කාලේ හොඳයි.

:       0       1

sas Monday, 08 June 2020 02:51 AM

එංගලන්තය, ජර්මනිය වැනි රටවල තැපැල් සේවය පුද්ගලික අංශය සම්බන්ධ කරගෙන සිදු කරයි. ලංකාවේද එලෙස සිදුකිරීම සුදුසුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14163 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site