( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර කොවිඩ් 19 වෛරසයේ පැතිරීමේ අවදානම අවම කිරිමේ අරමුණින් අද (16) සිට නැවත දැනුම් දෙනතුරු සියලු අධ්‍යයන කටයුතු අන්තර්ජාලය හරහා සිදුකෙරෙන බවත් විශ්වවිද්‍යාලය වෙත පැමිණීම හැකිතාක් සීමාකරන ලෙසත් එම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සිසුන්ට දැනුම් දී ඇත.
මේ අනුව සාමාන්‍ය අධ්‍යයන කාලසටහනට අනුකූලව නියමිත දේශන පවත්වාගෙන යාම මෙන්ම පැවරුම් ලබා ගැනීම, නිමකිරීම හා බාරදීමත් වෙනත් අධ්‍යයනය ක‍්‍රියාකාරකම් හා ඊට අදාළ වන සියළුම අධ්‍යයන අවශ්‍යතා කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේවනවිටත් කටයුතු සම්පාදනය කර ඇත.
වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා අවශ්‍ය තීරණ ගැනීම වෙනුවෙන් පත්කරන ලද විශේෂ මෙහෙයුම් කමිටුවක් මඟින් ගත් මෙම තීරණයෙන් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු පෙර පරිදි කිසිදු බාධාවකින් තොරව නොකඩවා සිදු කිරීමත් අදාළ උපාධි පාඨමාලා සැළසුම් කර ඇති දින වකවානු වලදී අවසන් කිරීමත් ඊට අදාළ උපාධි පිරිනැමීමේ කටයුතු සාර්ථකව නිම කිරීමත් සඳහා වේ.
දැනටමත් නේවාසික සිසු සිසුවියන් 1000කට අධික සිසු සිසුවියන් ඉගෙනුම ලබන ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු නොකඩවා සිදුකර ඔවුන්ගේ අනාගත ඉලක්ක බාධාවකින් තොරව සපුරාලීම සඳහා නොපමාව ගත යුතු සියලූ තීන්දු තීරණ විශ්ව විද්‍යාලය විසින් ගනු ලබනු ඇති අතර ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම මොහොතේ ප්‍රධනතම අභිලාෂය බව ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාල කළ නිවේදනයේ සඳහන් වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අන්තර්ජාලයෙන්