(ටී.කේ.ජී.කපිල )
බංග්ලාදේශයේ ඩකා නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 74 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා අද 27 දින දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් බංග්ලාදේශය බලා පිටත් විය.
යූ.එල්.- 1422 දරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින දහවල් 01.15 ට බංග්ලාදේශයේ ඩකා නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
මෙම ගුවන් ගමන සදහා ඒ.320 - 214 එයා බස් වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් යොදවා තිබුණි .
මෙම ගුවන් යානය මගීන් නොමැතිව ගමන් ගන්නා අතර , එහි ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු සිටිති .
එහෙත් මෙම ගුවන් යානය අද දින දහවල් 12.15 ට පමණ පිටත්වීමට සූදානම් වුවද , හදිසියේම මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වූ අතර, පසුව එම දෝශය යළි සකස් කර ගෙන පැයක පමණ කාළයක් ප්‍රමාද වී දහවල් 01.15 ට පමණ පිටත් වීම සිදු විය .
මෙම ගුවන් යානය අද දින රාත්‍රී 7.45 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඩකා නුවර සිරවී සිටින සිසුන් ගෙන්න ගුවන් යානයක් යවයි
Nimal Monday, 27 April 2020 11:24 AM
කෝ මෙ හැම දේටම බනින අය... මොනවා හරි කියන්න...