(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
මාලදිවයින් සේවය කර ඉකුත් 28 වැනිදා මෙරටට පැමිණ කොග්ගල සංචාරක හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටී පුද්ගලයන් තිදෙනෙක් සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී ඔවුන් කෝවිඩ් 19 ආසාදිතයන් බව අද (30) තහවුරු වීමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි. ඩී.එච් රෝහලට මාරු කර යැවූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී මොවුන් ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ.
අවුරුදු 23 ත් 26 ත් අතර යන වයස් කාණ්ඩ වල පසුවන මෙම පුද්ගලයින් තිදෙනාගෙන් දෙදෙනෙක් ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් අනෙක් පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් වෛද්‍ය සිරිවර්ධන මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගාල්ලෙන් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්