IMG-LOGO

‘ගම්පහ පී.සී.ආර් වාර්තා 154 කින් ආසාදිතයින් නෑ’

(තිලකරත්න දිසානායක) 

ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ආචාර්යවරයකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසුව ඔහුගේ ආශ්‍රිතයින් 154 කට පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එම වාර්තා අනුව එම කිසිවෙකුටත් වයිරසය ආසාදනය වී නොමැති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.  

භෞතික විද්‍යා විෂය ඉගැන්වීම සිදු කරන එම ආචාර්යවරයාගේ ඥාතියකු කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නන් පුනරුත්ථාපනය කෙරෙන මධ්‍යස්ථානය වෙත ගොස් ඇති අතර ඔහු මාර්ගයෙන් ආචාර්යවරයාට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයෙන් ප්‍රතිකාර පිණිස යොමු කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය. 

එම ආචාර්යවරයා උපකාරක පන්ති පවත්වා ඇති බැවින් එම ආශ්‍රිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 102 ක්  නිරෝධායනයට යොමු කර ලබා ගත් පී.සී.ආර් පරීක්ෂණ සහ ඉන්පසුව තවත් ආශ්‍රිතයින් 52 දෙනෙකුගෙන් පෙරේදා (20) ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ අනුව එම කිසිවෙකුටත් වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී යැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය. 



අදහස් (0)

‘ගම්පහ පී.සී.ආර් වාර්තා 154 කින් ආසාදිතයින් නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 181 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 505 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site