( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල සිට පැමිණෙන නීතීඥවරුන් ඇතුළු සියලු පාර්ශව නඩු කටයුතු සදහා කොළඹ අලුත්කඩේ , උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාල පරිශ්‍රයට පැමිණීමෙන් වළකින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය පවතින පෙදෙස් වල සිට පැමිණෙන නීතීඥවරුන් අලුතින් නඩු ගොනු කිරීමට , නඩු පරිශිලනය , මෝසම් ගොනු කිරීමට , සහතික කළ පිටපත් ලබා ගැනීමට හෝ වෙනත් කටයුතු සදහා ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාලය පරිශ්‍රයට ඇතුළුවීමෙන් වළකින්නැයි ද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා කියා සිටී.
එසේම අනෙකුත් විවිධ පාර්ශවද එම නඩු කටයුතු සදහා ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාලයට නොපැමිණෙන්නැයිද හෙතෙම දන්වා සිටී.
මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයාගේ විශේෂ නිවේදනය උපරිමාධිකරණ සංකීර්ණයේ ඉදිරිපස ප්‍රධාන දොරටුවේ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යලය පියවර ගෙන ඇත.
මෙය නිරෝධායන ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය දක්වා වලංගු වන බවද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය කියා සිටී.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගම්පහ පැත්තේ නීතිඥවරුන්ටත් අලුත්කඩේට එන්න එපා කියයි
sharm warn Thursday, 15 October 2020 10:43 AM
ගම්පහින්, මිනුවන්ගොඩින් දෙන්නෙක් විතර යවන්නකෝ දෙයියනේ දියවන්නාවට... නිකමට වගේ... රටේ මිනිස්සු ගැන කිසිම අවබෝධයක් නැති අමනයෝ රැලක් විතරයි ඒකේ ඉන්නේ.