IMG-LOGO

ගම්පහට කොරෝනා අවදානමක්

 (තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කිහිපයක මේ වනවිට යළි කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ජනතාවගේ විශේෂ අවධානයක් යොමු විය යුතුයැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

සිංහල අවුරුදු නිමාවෙන් පසුව මෙම තත්ත්වය උදාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා කියා සිටියේය.

මේ වනවිට අවුරුදු උත්සව පවත්වා ඇති රාගම සහ දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් කොවිඩ් ආසාදිතයින් හමුව ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

අවුරුදු උත්සව පවත්වා ඇති රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් 9 දෙනකු සහ දිවුලපිටිය කොට්ඨාසයෙන් ආසාදිතයින් 19 දෙනකු හමුව ඇති බවත් දිවුලපිටිය ප්‍රදේශයෙන් විනෝද චාරිකාවකට එක්වූ 44 දෙනකුද මහර කොට්ඨාසයේ කර්මාන්තශාලාවකින් 44 දෙනකුද ආසාදිතයින් බවට හදුනාගෙන ඇති බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා , යළිත් රෝග තත්ත්වයේ වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බැවින් ජනතාව දැඩිව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවද සදහන් කළේය.

 



අදහස් (4)

ගම්පහට කොරෝනා අවදානමක්

Always breakdown Thursday, 22 April 2021 06:02 AM

69 ලක්ෂයේ බොරුවෙන් තිප්පොළක්නේ ගම්පහ

:       8       6

Rohana Thursday, 22 April 2021 09:09 AM

69 ලක්ෂයෙන් වැඩි ප්‍රතිශතයක් ගම්පහ නේද? රෝග ව්‍යාප්තියට හේතුවත් ඒකම තමයි.

:       5       2

Sri Lanka Thursday, 22 April 2021 10:28 AM

කොරෝනා කියන වචනය මාධ්‍යයෙන් අයින් කරලා කළින් විදිහට උණ, හෙම්බිරිස්සාව, කැස්ස කියලා දාන්න.

:       2       0

bandara Thursday, 22 April 2021 11:22 AM

කුඩුකාරයෝ, මිරිස්කුඩුකාරයෝ සහ ඔක්සිජන් එපා අය පාර්ලිමේන්තු යවන්නේ ගම්පහ අයමනේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site