ගර්භණී සහ පසු ප්‍රසව රෝගී තත්ත්වයන් පවතින මව්වරුන්ට අසනීප සහ අවදානම් සහිත රෝග ලක්ෂණ පවතී නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහල් වෙත පැමිණෙන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
ගැබිණි මව්වරුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොපැමිණීම හේතුවෙන් අවදානම් සහිත සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.
මව්වරුන්ට උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, කුසේ සිටින බිලිඳා ගේ ක්‍රියාකාරිත්වය අඩුවීම, ක්ලාන්තය හෝ සිහිසුන්වීම, වලිප්පුව ආදී ඕනෑම අවදානම් රෝග ලක්ෂණයන් පවතී නම් වහාම ලඟම පිහිටි රජයේ රෝහල් වෙත පැමිණෙන ලෙස උපදෙස් ලබාදී ඇත.
එවැනි අවස්ථාවක ප්‍රතිකාර ගැනීම වහාම සිදුවිය යුතු කරුණක් නිසා එය ප්‍රමාද නොකළ යුතු බවත් රෝගී මව්වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සියලු රජයේ රෝහල්වලට උපදෙස් ලබාදී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම ගර්භණි සටහන්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස සලකනු ලැබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගැබිනි සහ ප්‍රසව රෝගී මව්වරුන් ළඟම රෝහලට යන්න