(ඉන්දිකා රාමනායක)
ගිනි නිවන සේවා දෙපාර්තමේන්තු මුලස්ථානයේ සේවකයන් දෙදෙනකු ට අද (28) කොවිඩ් ආසාදිතවී ඇති බවට තොරතුරු තහවුරු ඇතැයි එම සේවා දේපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
නොරොච්චෝලේ බලාගාරයේ සේවය සදහා ලබන මස 01 දින සිට යෙදවීමට සුදානම් කර සිටි දස දෙනෙකුගෙන් සමන්විත භට කණ්ඩායමක් ඊයේ (27) පී සී ආර් පරීක්ෂණයට ලක් කර ඇති අතර ඊයේ පෙරවරුවේ එම පී සී ආර් වාර්තාව අනුව එම කණ්ඩායමේ සේවකයන් දෙදෙනකු ආසාදිතයන් වශයෙන් තහවුරු වී ඇති බව ගිනි නිවන හමුදාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මොවුන් දෙදෙනා මුලස්ථානයේ බැරැක්ක දෙකක රැදී සිටි ඇති අතර එම බැරැක්කවල මොවුන් සමග රැදී සිටි ගිනි නිවන භටයින් 40 ක පමණ දෙනා කොවිඩ් අවදානමෙන් පසුවන බවද එම නිලධාරියා කියා සිටියේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.