IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගතවූ පැය 24 දී ගම්පහ ආසාදිතයින් 500 ඉක්මවයි

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා රෝගීන් හමුවීම අද (11) දිනයේ ද පැය 24 ක් තුළ 500 දෙනෙකු ඉක්මවා ඇති බවත් කොවිඩ් දෙවන රැල්ලේ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව 42,496 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 

ඊයේ උදෑසන වනවිට ගතවූ පැය උදෑසන 24 ක කාලය තුල ආසාදිතයින් 549 දෙනෙකු හමුව ඇති අතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය 15 ආශ්‍රිතව ආසාදිතයින් 71 දෙනෙකු බියගම කොට්ඨාසයෙන්ද,  අත්තනගල්ල  - 71 ක්,  දොම්පෙ  - 61 ක්,  ගම්පහ සහ කැලණිය  -  48 දෙනෙකු බැගින්,  මිනුවන්ගොඩ  - 47 ක්,  වත්තල  - 44 ක්,  රාගම  - 35 ක්, දිවුලපිටිය  - 32 ක්,  මහර  - 31 ක්,  ජාඇල  - 23 ක්,  මීගමුව  - 20 ක්, මීරිගම  - 16 ක් ,  සීදූව  - 12 ක් සහ කටාන කොට්ඨාසයෙන්  - 9 දෙනෙකු වශයෙන් හමුව ඇති බව වෙබ් අඩවියෙහි සදහන්ය.

පැය  24 ක කාලයක තුල දිස්ත්‍රික්කයෙහි රෝහල්වලට ඇතුලත් කොට ඇති ආසාදිතයින් සංඛ්‍යාව 286 දෙනෙකු වන අතර කර්මාන්තශාලා ආශ්‍රිතව බියගම නිදහස් ආයෝජන කලාපය බියගමින් ආසාදිතයින් 18 දෙනෙකු හමුව ඇත.

ඊයේ උදෑසන වනවිට දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,160 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ව තිබිණි.

 



අදහස් (0)

ගතවූ පැය 24 දී ගම්පහ ආසාදිතයින් 500 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31452 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13739 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11052 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 146 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1060 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site