IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනා කරලත් ගෙන්න යයි

(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් මර්දනය සඳහා ලෝකයේ බොහෝ රටවල් භාවිතා කරන මොල්නුපිරවියා (molnupiravir) නමැති ඖෂධීය කරල මෙරට භාවිතයට යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු සලකා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඊට අවශ්‍ය නිර්දේශ ලබාදෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

මර්ක් නමැති ඖෂධිය නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කරන මෙම ඖෂධය යොදා ගැනීමට ලෝකයේ රටවල් ගණනාවක් අවධානය යොමුකර ඇති බවත් මෙම ඖෂධය යොදා ගැනීමට හැකියාව ඇත්දැයි විශේෂඥ කමිටුවේ අදහස් විමසා දැනුම් දෙන්නයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට දැන්වූ බවත් ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

එම ඖෂධ ගෙන එන්නේ නම් ඒවා ගෙන ආ යුත්තේ මොන දිනවලද මොන ප්‍රමාණ වලින්ද යන්න දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කළ බවද ඔහු පැවසූවේය.

මෙම ඖෂධ කරල දැනට පරීක්ෂණ මට්ටමේ පවතින නමුත් විශේෂඥයින් පවසන්නේ එහි මූලික ප්‍රතිඵල සාර්ථක බව යැයි සෞඛ්‍ය අංශ පවසයි.

 



අදහස් (7)

කොරෝනා කරලත් ගෙන්න යයි

Narada Wednesday, 13 October 2021 08:15 PM

තවත් මාෆියාවක්... ප්‍රවේසම් වෙන්න.

:       24       15

සමන් Wednesday, 13 October 2021 09:30 PM

හොඳ තීරණයක්. සෑම අතකින්ම උත්සාහ කිරීම අවශ්‍යයි. ගෙදර ඉන්න කොට වැඩ කෙරෙන්නේ බාගෙට. රට දුවන්නෙ ආපස්සට. දැන් කට්ටිය ආයෙත් පාටි දානවා. මැරෙන කොට රට වහනවා. ඊට පස්සෙ බඩු ගනන් යනවා. එතකොට ආන්ඩුවට බනිනවා.

:       9       19

AnuraThursday, 14 October 2021 09:03 AM

දැන් එතකොට ඔබතුමා මේ හිතන් ඉන්නේ ඊයේ පෙරේදා බඩු ගණන් ගියේ රට වහපු හින්ද කියලද ?

:       3       5

Ajith Gamage Thursday, 14 October 2021 02:16 AM

තියෙන මොන කරලක් හරි ගෙනල්ලා මරණ අඩුකරගන්නවනම් නේද හොඳ, ඕකට අරයගෙ මෙයාගේ අනුමැතිය ගන්න දින ගනින්න ඕනැද.?

:       2       1

Demuni Uduwara Thursday, 14 October 2021 03:43 AM

මර්ක්ගේ 'මෝල්නුපිරවිර්' තවමත් එෆ්.ඩී විසින් අනුමත කර නොමැත.

:       0       4

L.G.P.Jathunarachchi. Thursday, 14 October 2021 09:51 PM

බූස්ටර් මාත්‍රාවන් සඳහා සැපයුම්කරුවන් ද !

:       0       0

kumara Friday, 15 October 2021 01:06 AM

මුන්ට ඕනා විෂ කොරෝනා එන්නත් ගෙන්වලා කොමිස් ගහගන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site