IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කළු ජාතිකයාට යුක්තිය ඉල්ලා ප්‍රංශ ජනතාවත් වීදි බසිති

වසර 2016 දී පොලිස් මෙහෙයුමක් අතරතුර සිදුවූ කළු ජාතිකයෙකුගේ මරණය සිහිපත් කරමින් ප්‍රංශයේ අද (03) පැවැත්වූ විරෝධතාවයක් විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

පැරිසියේ උතුරු දිග ඇවනියු ඩී ක්ලීච් ප්‍රදේශයේ මෙම විරෝධතා පැවැත්වුණු අතර විරෝධතාකරුවන් ගිනි අවුලුවමින් ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණු බව පොලිසිය වාර්තා කර ඇත.

24 හැවිරිදි ප්‍රංශ කළු ජාතික ඇඩමා ට්‍රෙයොරේ සැමරීම සඳහා දහස් සංඛ්‍යාත පිරිස් මෙලෙස රැස්ව සිටි බව වාර්තා වේ. කොරෝනා අවදානම හේතුවෙන් පනවා තිබූ තහනම නොතකා විරෝධතාකරුවන් රැස්ව සිටි බව පොලිසිය පවසයි.

ඇමරිකාවේ කළු ජාතිකයෙකුගේ මරණය සම්බන්දයෙන් පැවැත්වෙන විරෝධතා අනුකරණය කරමින් ඇඩමා ට්‍රෙයොරේගේ මරණයට ද සාධාරණත්වයක් ඉල්ලමින් විරෝධතාකරුවෝ පෙළපාලි පැවැත්වූහ.

ට්‍රෙයොරේගේ මරණය සම්බන්ධව එකිකෙට වෙනස් වෛද්‍ය වාර්තා දෙකක් නිකුත් කිරීමෙන් පසු උද්ඝෝෂණ ආරම්භ වූ බව සඳහන් වේ.

විරෝධතාකරුවන්ගේ කළහකාරී හැසිරීම සම්බන්දව අදහස් දක්වමින් ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ක්‍රිස්ටොෆ් කැස්ටනර් කියා සිටියේ ප්‍රචණ්ඩත්වයට ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඩක් නොමැති බවයි. සෞඛ්‍ය අර්බුදයක් පැවැත්වෙන අවස්ථාවක විරෝධතාකරුවන්ගේ හැසිරීම අනුමත කළ නොහැකි බවද ඔහු පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

කළු ජාතිකයාට යුක්තිය ඉල්ලා ප්‍රංශ ජනතාවත් වීදි බසිති

Raveendra Wednesday, 03 June 2020 01:05 PM

හරිම පුදුමයකි.. අප රටේත් අර හිමිකම්, මේ හිමිකම්, අර අයිතිවාසිකම්, මේ අයිතිවාසිකම් ගැන කෑ මොර දෙන ටකරන් වලින් පෙට්ටි කඩ අටවාගෙන ලොකු ලොකු බෝඩ් ගසාගෙන ඉන්න අර සංවිධාන, මේ සංවිධාන කියලා NGO හැත්තක් ඉන්නේ... කෝ කවුරුවත් ම්ම් ...සද්දයක් නැහැ නේද? අසුචි ගිලලා වගේ ඉන්නේ... කෝ කෑමොර දෙන්න ඩොලර් වලින් වේල පිරිමහ ගන්න. කෝ නුඹලාගේ සද්ද...?

:       0       606

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14153 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site