IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොළඹ ඩෙල්ටා රෝගීන්ගේ වාර්තාව එළියට

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාවේ පෙරේදා දිනයේදී  වාර්තා වූ ඩෙල්ටා  රෝගීන් අතර   එකොළොස් දෙනෙකු  කොළඹ නගර සීමාවේ අය බවට   තහවුරු වුණු බව කොළඹ නගර  සභාවේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන්  විජයමුණි මහතා  මහතා පවසයි .

කොළඹ ඛෙත්තාරාම වැඩ බිමකින්  ඩෙල්ටා  රෝගීන් පස් දෙනකු ද දෙමටගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙකුද  උතුරු කොළඹ ප්‍රදේශයෙන් තවත් දෙදෙනෙකුද වශයෙන් මෙම පිරිස වාර්තා වී ඇතැයි ඔහු සඳහන් කළේය.

එම රෝගීන් සියලු දෙනා හා ඔවුන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝධායනයට ලක්කර ඇතැයි පැවසූ  හෙතෙම  රෝගය පැතිර යෑම වැළැක්වීමට අවශ්‍ය සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද සඳහන් කළේය.

එක් රෝගියෙක් හමුවූ පසු ඒ ආශ්‍රිතව  තවත් රෝගීන් දස දෙනකු පමණ සිටිය හැකි බවත්  මේ අනුව කොළඹ හා මන්නාරම ප්‍රදේශවල අනිවාර්යෙන්ම ආසාදිතයන් සිටින බවත්  හෙතෙම පැවසුවේය .

ඒ තත්ත්වය ව්‍යාප්ත වීම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා බවද   ඔහු කීවේය .



අදහස් (2)

කොළඹ ඩෙල්ටා රෝගීන්ගේ වාර්තාව එළියට

Sri Lanka Saturday, 17 July 2021 04:26 PM

බොරුව එපා... දවසකට මදුරුවෝ ලේ ලීටර කීයක් බොනවද? කී දෙනෙක් මැරෙනවද? කෝ විසඳුම්..? කොයිල් කම්පැණි වලට රට බාරදීලා ඩෙල්ටා හොයනවා...

:       0       5

Sri Lanka Sunday, 18 July 2021 01:29 AM

ගෘහස්ථ සතුන් එළහරක්, එළුවන්, කුකුළන්, ඌරන් වගේ සත්තු ගැන පරීක්ෂණයක් කරලා කියන්න කොරෝනා තියෙනවද? නැද්ද? කියලා... ස්තුතියි.!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 116 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site