( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ ස්ථාන හතරකින් කොරෝනා ආසාදිතයින් විසි දෙදෙනෙකු අද (21) දා වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි
ඒ අතර හල්පිට ප්‍රදේශයේ පවුල් හයකට අයත් පුද්ගලයින් පහළොස් දෙනකුද කැස්බෑව අධිකරණය ඉදිරිපිට සුපිරි වෙළඳසැලක පුද්ගලයින් දෙදෙනෙකුද , පොල්හේන ප්‍රදේශයේ තිදෙනෙකු සහ මඩපාත ප්‍රදේශයේ දෙදෙනකු ද වන බව කියයි .
බල ප්‍රදේශයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හැත්තෑ දෙනෙකු ඉලක්ක කරගනිමින් ඉකුත් 19 දා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී මෙම ආසාදිතයින් 22 වාර්තා වූ බව කියයි .
ඒ අනුව කැස්බෑව ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලෙහි සේවකයින් තිස් දෙදෙනෙකු ස්වයං නිරෝධායනය ලක් කොට එම වෙළඳසැල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසයි .
මේ අතර සුපිරි වෙළෙඳසලෙහි ආශ්‍රිතයින් තිස් දෙදෙනා ඇතුළු අසූ පස් දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කල බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා පරීක්ෂණ පවත්වන බවත් පැවසේ .
ඔවුන් එළඹෙන 23 දා පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමට නියමිතය .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කැස්බෑවේ ප්‍රදේශ 4 කින් කොරෝනා අසාදිතයින් 22 ක්