හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව කිවුල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කල 17 දෙනෙකු වෛද්‍ය පරික්ෂණ සදහා හලාවත මහ රෝහලට 16 දින යොමු කල බව ආණමඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් චන්දන අබේරත්න මහතා පවසයි.
මෙසේ වෛද්‍ය පරික්ෂණයට සදහා යොමු කරනු ලැබුවේ කිවුල අංක 4 ගම්මානයෙන් මාර්තු 5 දින රාත්‍රියේ කොරෝනා ආසාදිත කාන්තාවක් වෛද්‍ය පරික්ෂණ වලින් සනාථ විමෙන් පසුව නිවෙස් 4 ක නිරෝධායනයට ලක් කර සිටි පිරිස් බව කියයි.
එම කාන්තාව කොරෝනා ආසාදිත හේතුවෙන් අංගොඩ බෝවවන රෝගායතනයට ප්‍රථිකාර සදහා යොමු කර තිබුනී.
ඒ සමගම මෙම කාන්තාවගේ නිවසේ 11 දෙනෙකු ද අවස්ථා දෙකකදී වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර තිබු නමුත් මොවුන් ආසාදිත නොවන බවට වෛද්‍ය පරික්ෂණ වලින් සනාථ වි තිබුනද මොවුන් තවමත් නිවෙස් තුලම නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කල පිරිස් ගිලන් රථ 4කින් රැගෙන යාමද සිදුවිනි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කිවුල ආසාදිත කාන්තාව ඇසුරු කළ 17 ක් වෛද්‍ය පරීක්ෂණයට හලාවතට