IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොවිඩ්-19 ලොකු රැල්ලක් - ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

ඍතු වෙනස් වීමත් සමඟ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වෙනස් නොවන බවත් එම නිසා සැහැල්ලුවට නොගන්නා ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

උත්තර ධ්‍රවයේ රටවලට ග්‍රීෂ්ම ඍතුව පැවතියද නව කොරෝනා වයිරසය පැතිර යෑම හෝ එහි ව්‍යාප්තියේ වෙනසක් නොවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

නව කොරෝනා වයිරසය, උණ සෙම්ප්‍රතිශ්‍යාව මෙන් ඍතුවල වෙනස්වීම් සමඟ වෙනස් නොවන බවත් හෙතෙම කීය.

‘‘මිනිස්සු තවමත් ඍතු වෙනස් වීම ගැන හිතනවා. අපි තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. මේක අලුත් වයිරසයක්. මේ වයිරසය හැසිරෙන්නේ වෙනස් විදියකට’’ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරිනියක වන මාගරට් හැරිස් කීවාය.

වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බවත් බොහෝ පිරිසක් එක්රැස් වීමෙන් වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බවත් දැඩි පරෙස්සමෙන් සහ විමසිල්ලෙන් කටයුතු බවත් ඇය අවධාරණය කළාය.

වයිරසයේ පළමු රැල්ල දෙවැනි රැල්ල යනාදිය සම්බන්ධයෙන් ද ඇය විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවාය.

‘‘මේක අති විශාල ලොකු රැල්ලක්. එය සැරෙන් සැරේ උස් පහත් වෙනවා. රැල්ලේ සැර අඩුවැඩි වෙනවා. කරන්න පුළුවන් හොඳම දේ එය පාලනය කරගැනීමයි. රැල්ලේ සැර අඩු කරගැනීම’’ යැයි ද තවදුරටත් කීවාය.

රොයිටර්

055



අදහස් (1)

කොවිඩ්-19 ලොකු රැල්ලක් - ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

tharindu Friday, 31 July 2020 02:36 AM

මේ අයගේ බයිලා... මිනිස්සු ලක්ෂ ගාණක් මැරෙනකම් මාස්ක් දාන්න ඕනෑ නැහැ කිව්වා. මොලේ අබ ඇටයක් තරම් තියෙන මිනිහෙක්ට තේරෙන දේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ලංකාවේ සෞඛ්‍ය බලධාරිනුත් ඊට දෙවැනි නැහැ. අර චීනුන් කියපු විදිහට මුල ඉඳලාම මාස්ක් දාගෙන හිටියා නම් ඇමෙරිකන්කාරයෝ ඔච්චර මැරෙන්නෙත් නැහැ. ඒ අයගේ පණ්ඩිතකම නිසා වෙච්චි විනාසේ මුලු ලෝකයටම හොඳ ආදර්ශයක්.. දැන්වත් අපි එකඑකාට ඕන විදිහට වැඩකරන එක නතර කළොත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14162 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site