(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය පොලිස් වසමට අයත් ඇමෙරිකානු තානාපති කාර්යාලය අසළදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනලද උද්ඝෝෂණය මැඩපැවැත්වීමේ රාජකාරියේ නිරතවූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබන අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු 30 ක් නිරෝධායනයට
Siva Thursday, 11 June 2020 05:21 AM
උද්ඝෝෂකයින් අතර අසාධිත යැයි සැක කරන කෙනෙක් ඉඳලද? නැත්නම් නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා ලෝකෙට පෙන්වන්නද? හත්දා මගුල් කෑ තොණ්ඩමන්ගේ අවමඟුලට සහභාගී වෙලා රාජකාරි කළ නිලධාරීනුත් නිරෝධායනයට යොමුකළාද? එක් එක් අයට එකඑක ආකාරයට නැතුව නීතිය එක ලෙසින් ක්‍රියාත්මක වෙනවා දැකීම රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුවයි.
ranaThursday, 11 June 2020 05:48 AM
මේක මට පමණක් තේරුණු දෙයක් නොවේ වගේනේ..? බොරුවෙන් රට වනසන්න එපා...
සිරිබිරි Thursday, 11 June 2020 05:50 AM
ඔය වැඩෙන් ආණ්ඩුව හොඳටම සවුත්තු වුණා. ඒ මදිවට අැමෙරිකාවෙන් කිව්ව ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැයි කියලා...
saleeth Thursday, 11 June 2020 05:51 AM
මම හිතුවේ පොලිසියේ කට්ටියව අත්අඩංගුවට ගත්තා කියලා. ඔව්, ඉතින් පින්බත් කන්න පුළුවන්...
Siri sena Thursday, 11 June 2020 05:57 AM
අනේ සර් ඔයා, “හොඳට හිටපු කෙනෙක් දැන් වැටිච්ච තැනක්” , දේශපාලනය නම්, කිසිම වටිනා පුද්ගලයකුට නොගැලපෙන බව මනාවට දෙවනවර ඔප්පුවෙමින් පවතී.. පළමුවර සරත් ෆොන්සේකා, දැන් ඔබ... ඔබ දෙදෙනාම රටක් වටිනා මිනිසුන් දෙදෙනක් (නමුත් දේශපාලනය ඔබේ වටිනාකම විනාශකරාවි) අපේ වීරයින් විහින් අසූචිවලට වැටීම ගැන අවංකව දුකයි. මට සමාවන්න...
pradeepa Thursday, 11 June 2020 06:13 AM
පොලිස් නිලධාරීන් එදා, හැසුරුනේ කුලප්පු වූ හරක් වගේ... මිනිසුන්ව බල්ලන් වගේ ජීප් එකට නග්ග ගත්තේ.., ඔය පොලීසියේ කට්ටිය යවන්න ඕනෑ නිරෝධායනයට... හරක් පට්ටියක් මිනිස්සු එක්ක තියන්න එපා...
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 11 June 2020 07:32 AM
රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවා නම්..., නිරෝධායන නීති කිසිවක් නොපිළිපදිමින් කුලප්පු වූ ගවරැළක් සේ කිපී සිටි පොලිස් නිලධාරීන්ට දඬුවම් හිමිවිය යුතුයි. එහෙත් කුමන හෝ රටක නීතිය හා පොලීසිය දේශපාලකයින් හට අවනතව සිටින තාක්කල් එවැනි දෙයක් කිසිසේත් සිතීමට හෝ නොහැකිය.
සමිත සේනක අලුත්ගමගේ.Thursday, 11 June 2020 09:04 AM
පොලීසියට එරෙහිව කිසියම් නීතිමය පියවරක් ගැනීමට පෙරටුගාමීන් පෙළ ගැසෙමින් සිටිනවා. ඒ නිසා නීතිමය වාසියක් ගැනීමට මෙසේ නිරෝධායනය වුණා වෙන්නටත් පුළුවන්. ඒත්, තොණ්ඩමන් අවමඟුලට සහභාගී වීමෙන් පසු මෙසේ නිරෝධායනය නොවුනේ මන්දැයි ප්‍රශ්නයක් ආවොත්, පොලීසියට කටඋත්තර නැහැ. පෙරටුගාමීන්ට එරෙහිව අධිකරණ නියෝගය ගත් අයුරුද දෝෂ සහිත බව ගැනත්, විමසා බැලීමට හැකියි. ඒ තර්කය පොලීසියට ඔප්පු කිරීමට බැරි වනුයේ, තොණ්ඩමන් අවමඟුලට නිරෝධායන නීතිය බල නොපාපු නිසාය. නීතිය පෙරටුගාමීන්ට හා කාටත්, තොණ්ඩමන්ලාටත්, එකසේ ක්‍රියාත්මක විය යුතුය. ඒ බව පෙරටුගාමීන්ද අධිකරණයට පැහැදිලිව ඔප්පු කළ යුතුය.
raheem Thursday, 11 June 2020 08:30 AM
පොලිසිය කියලා මොනවා කරන්නද? හුණුඩුවක් වගේ වාහනයකට 50ක් විතර පැක් කරන්න ගියාම ඔහොම වෙනවා. එක්කෝ ලොරියක් ගේන්න තිබුණා ඔක්කොම පටවන්න.