මධ්‍යම අප්‍රිකානුු ජනරජයේ ජීවත් වන පිග්මි ජාතිකයන්ට කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවදාමක් පැවතීම හේතුවෙන් වනාන්තරය තුළ ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසභූමි වෙත ගමන් කිරීමටඋපදෙස් දුන් බව ඒරට රජය පවසයි.
ලෝකයේ දුප්පත්ම ජන කොට්ඨාශයක් වන පිග්මිවරුන් මධ්‍යම අප්‍රිකාවේ ඩසන්ගා - සන්ගා වනජීවී රක්ෂිතයේ වාසය කරයි.
ඔවුන් කොරෝනා රෝගයෙන් බේරා ගැනීමේ හොඳම ක්‍රමය මෙසේ හුදකලා කිරීම බව බලධාරීහු පවසති.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මේ වනවිට කොරෝනා රෝගීන් 1,000කට වඩා වාර්තා වී ඇති අතර මරණ 4ක් සිදුවී තිබේ.
ඩසන්ගා - සන්ගා වනෝද්‍යානය බාරව සිටින ලුයිස් අර්න්ස් මහතා මෙසේ පවසයි, " ඔවුන්ට මාස තුනක් ඔවුන්ගේ දඩයම් කඳවුරු වලට ගොස් ජීවත් වීමට ඉල්ලා සිටියා. සෑම සතියකම අපි ඔවුන්ට ආහාර සහ ඖෂධ ගෙනගොස් දෙනවා. ඒවිට ඔවුන් වෙළඳපොලට පැමිණීමෙන් වැලකෙයි. ඔවුන් හුදකලා විය යුතුයි. ඒය ඒකම විසදුමයි."
අසල්වැසි නගර වල බලධාරීන්ගෙන් මේ ක්‍රියාවලියට සහාය දක්වන ලෙස ඉල්ලා ඇති අතර නාගරික මධ්‍යස්ථාන වලින් ඉවත්ව සිටින ලෙස පිග්මිවරුන්ට දැනුම් දී තිබේ.
දුර්වල සෞඛ්‍යය, දරිද්‍රතාවය, කුඩා ඉඩ ප්‍රමාණයක වැඩි පිරිසක් ජීවත් වීම සහ ඔවුන්ගේ ජීවන රටාව කොවිඩ් රෝගයෙන් වැඩි අවදානමක් පිග්මි ජාතිකයන්ට ලබා දෙයි.
සාමාන්‍යයෙන් ඔවුන්ගේ ළදරු මරණ අනුපාතිකය ඉහල මට්ටමක පවතින බවත් ආගන්තුක රෝගයකට ස්වාභාවික ප්‍රතිශක්තියක් ඔවුන් තුළ ඇති බවට සාක්ෂි නොමැති බවත් වෛද්‍යවරු පවසති.
පිග්මින්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 35 - 38ත් අතර අගයක පවතී.
වෛද්‍යවරු පවසන්නේ ඔවුන්ගේ අර්ධ සංචාරක ජීවන රටාව මගින් වයිරසය වේගයෙන් පැතිර යාමට හැකි බවයි.
(ඒ්ඒෆ්පී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා වලින් බේරෙන්න අප්‍රිකානු පිග්මි ජාතිකයින්ට වාසස්ථාන වෙනස් කරන්නැයි උපදෙස්
Asoka gunasekara Friday, 05 June 2020 12:30 PM
කැලේ මාරු කළාට කොරෝනා වල පුල්ලි වෙනස් වෙයිද?
BamunuarachchiFriday, 05 June 2020 12:51 PM
මේ ගොල්ලෝ මාරු කරන්නේ කොරෝනා පුල්ලි වෙනස් කරන්න නොවෙයි.., ලෙඩෙන් බේරෙන්න. එ්ක සාර්ථක උපක්‍රමයක්...
Bamunuarachchi Friday, 05 June 2020 12:52 PM
පාසල් කාලයෙන් පසු පිග්මි මිනිසුන් ගැන අසුවාමයි.
මුණසිංහ Friday, 05 June 2020 03:07 PM
මෙන්න මේ වෙලාවට තමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාකාරිත්වය වටින්නේ. යුද්ධෙට නැති කඩුවෙන් වැඩක් නෑ.
BamunuarachchiSaturday, 06 June 2020 11:54 AM
ඔය කීවේ සිරිසේන ගොයියටද?
BamunuarachchiMonday, 08 June 2020 01:00 PM
මොකෝ වැඩක් නැත්තේ කොස් කොටන්න පුලුවනිනේ...